ප‍්‍රකට පන්සලක AC යන්ත‍්‍ර 15ක්.. AC නැතිනම් බිල ඉතා සාමාන්‍යයි..

September 23, 2022 at 10:22 pm | lanka C news
ප‍්‍රකට පන්සලක AC යන්ත‍්‍ර 15ක්.. AC නැතිනම් බිල ඉතා සාමාන්‍යයි..

අගනුවර ආසන්න ප්‍රධාන පෙළේ විහාරස්ථානයක වායු සමීකරණ යන්ත්‍ර 10-15 අතර ප‍්‍රමාණයක් සවිකර ඇති බව වාර්තා වෙයි.

මේ බව හෙළි වී ඇත්තේ මෑතකදී රජය විසින් ආගමික මධ්‍යස්ථාන සඳහා විදුලි බිල නැංවීමත් සමග එම පන්සලට සුර්ය බල පද්ධතියක් සවි කිරීම සඳහා ආයතනයක් ගිය අවස්ථාවේදීය.

ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරියා දැනුම් දී ඇත්තේ වායුසමීකරණ යන්ත්‍ර වලින් තොරව සෙසු විදුලි උපකරණ ක්‍රියාත්මක කරවීම සඳහා නම් පද්ධතිය ස්ථාපිත කිරීම සාමාන්‍ය මිලකට කළ හැකිව ඇති බවයි.

වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් ඉතා විශාල මුදලක් වැය වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

වායු සමීකරණ යන්ත්‍ර භාවිතා නොකරන්නේ නම් මසකට විදුලි ඒකක පන්සියයක ආසන්න සීමාවේ විදුලි භාවිතයක් රදවා හැකි වනු ඇති බවද නිලධාරියා පෙන්වා දී තිබේ.

45,526 views

24 Comments to “ප‍්‍රකට පන්සලක AC යන්ත‍්‍ර 15ක්.. AC නැතිනම් බිල ඉතා සාමාන්‍යයි..”

  1. Biksunta kisiwak denna epa mun gewanne pahath jeewitha. Podi kollo mahana karagena kakul gahala winasa karanawa watasaka upasaka ammalata balenma .., pahath biruwara silwatha bawa penwana jathiyak. Wandina epo

    • පිංබත් ගිලින ගණබෝල says:

      පිං බත් ගිල ගිල කොල්ලො ගහ ගහ බඩු ගහ ගහ අරක්කු බිබී හොරා කකා සක්කිලි දේශපාළුවන්ට කඩේ යන තට්ට පක්කිලි.

  2. ක්‍රිමිනල් says:

    කාංචන නියම තැනට ගැහුවෙි මෙිවගේ කොන්ද පන තියෙන ඇමතිලා 10ක් හිටියනමිි ඇති රට ගොඩගන්ඩ

  3. රසික says:

    ඇත්ටම කංචන තමයි රටේ සිටින එකම තරුන නායකත්වය. මෙවැනි සැබෑනායකයන්ට ඉහලට යන්න පුස්බට්ටො ඉඩදෙන්නෙ නැහැ

  4. upasaka says:

    Biksun penwana jeewitha nowe genwanna. Pahathma jathiya. Mama ebittitek wela wasara 10 sitiya. Mun sunakayantath anthayi. Anik poojakayoth esemayi. Mun sepata innawa. API dukwindinawa danaya denna epa. Pansal yannaepa pansakoole EPA brahma dandanaya demu

  5. Kamala 🤗 says:

    මේ ඒසී වැඩ කරනවා කියන්නෙ ස්වාමීන් වහන්සේලාගෙ සුඛවිහරණය සඳහාද නැත්නම් බෞද්ධ ටීවී චැනල් පවත්වාගෙන යාමටද? එහෙම නම් වරදක් කියන්න බෑ.

    • sihala yaka says:

      Buddhist TV චැනල් යනු ආගම විකුනං කන, මෝඩ උපාසකම්මලගේ සල්ලි හූරං කන හොර ගුහා.

  6. මරතේනිස් අයියා says:

    රටේ විදුලි අර්බුදයක් තිබියදිත් පන්සල් වළට ඒ අර්බුදය බලපාලා නැහැ.හතර වටේම ලයිට් දාලා තමයි රෑට ඉන්නෙ අර කවුද හාමුදුරැ කෙනෙක්කිව්වා වගේ තවුතිසාවද කියලත් හිතෙනවා.අමතක කරන්න එපා පන්සල ලයිට් බිල ගෙව්වත් අවසානේ විදුලිය උපද්දන්න ඩීසල් ගේන්න වියදම් කරන්න වෙන්නෙ රටේම මිනිස්සුන්ට.මේ ආණ්ඩුව කරන දේවල් මම අනුමත කරන්නෙ නැහැ ඒත් විදුලිබල ඇමතිවරයා ගත්ත මේ තීරණය එක්ක සීයට සීයක් එකඟ වෙනවා

    • Sasrasi says:

      හරි ඇත්ත . කාංචන කියන්නේ ඇත්ත . ඒත් ඉතින් හොඳ ට වැඩ කලොත් ඔතන ඉන්න හම්බවෙන්නේ නෑ .

  7. dot says:

    Gautama lived in comfort and he renounced comforts and chose to become a mendicant .chose to move around with the people sharing their daily meal .chose to retrieve the cloth from the burial grounds to stitch the cloth worn as a robe ..and I thought this is an enlightened way of living The Compassionate way …I honored those who had that strength of character to renounce the world and live his Word and take those steps to be enlightened ..is this hard to achieve today?

Leave a Comment

Main News