ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර අගමැති ජාත්‍යන්තරයට කියයි..

September 14, 2022 at 8:02 am | lanka C news
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර අගමැති ජාත්‍යන්තරයට කියයි..

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චුංගොන්ග් සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ලෝරන්ස් මාර්සාල් මහත්වරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිචයන් සම්බන්ධ ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සඳුදා (12) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා කළහ.

මහජන සහභාගීත්වය සහිත වඩාත් බලවත් සහ ශක්තිමත් ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම මගින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ප්‍රතිපත්තිමය මග පෙන්වීම සහ ජාතික අභිලාෂය පිළිබඳ කරුණු සඳහා ප්‍රමුඛත්වය දීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳවද ඔහු සතුට පළ කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාද රූපවාහිනියෙන් සජීවීව නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන බවද ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ  නියෝජිත පිරිසට පැවසීය.

ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය ගන්නා උත්සාහය අන්තර් පාර්ලිමේන්තු සංගම් මහලේකම්වරයාගේ පැසසුමට ලක්වූ අතර ජාතික මට්ටමේ විවාදවලට තරුණයින් සහභාගීවීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

සියල්ලෝම අන්තර්ගත පාලනයක් සහතික කිරීම සඳහා කාන්තාවන් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් දේශපාලනමය කටයුතුවලට සහභාගීවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද චුංගොන්ග් මහතා අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

6,408 views

5 Comments to “ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර අගමැති ජාත්‍යන්තරයට කියයි..”

  1. Sri Lankan says:

    RW has a good plan to take Governance to the next level..But his plans are severely held up by selfish politicians at all levels..

  2. Sandun Dhammika says:

    පොලිසි හමුදා වල ඉන්න උන්ට නම් බඩු හරි එන පෙබරවාරි වලින් පස්සේ.
    investigation තියල නඩු අහල ගේමක් සෙට් කරලා තියින්නේ US embassy , UNHR වලින්.
    එත් මේ දේශපාලුවන්ට මොකද කරන්නේ?

  3. All these are bloody lies of Ranil Wickramasinghe. He was the person stolen billions of money from Sri Lankan treasure. His whole cabinet members are A grade robbers. They vote anything proposed by Ranil Wickramasinghe.

  4. David Milli-banda says:

    “ජාත්‍යන්තරය nodanna ප්‍රජාතන්ත්‍රවාදය
    ප්‍රජාතන්ත්‍රවාදය differ from people to people. There is no definite DEFINITION for democracy.
    These Western buggers are prostituting the word democracy.
    There ain’t no democracy that fits all.

  5. mdd says:

    check 0344378125 mother fucker to see how intelligence officers in aluthgama fucking your mother fucking
    democracy

Leave a Comment

Main News