ප‍්‍රබලයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි…

May 5, 2022 at 10:00 am | lanka C news
ප‍්‍රබලයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි…

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ ජීප් රථය ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇත්තේ පලාවිය කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදීය.

මන්ත්‍රීවරයාද එම අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් කර ඇති අතර ඔහුගේ රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවයි.

53,841 views

5 Comments to “ප‍්‍රබලයෙකුගේ රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි…”

  1. උලමා says:

    මන්ත්‍රිලගේ බලේ පෙන්වීමට යන බත්බැලයින්ට අන්තිමේදී සිදුවෙන්නේ සිරගෙදර කුරු ගැනීමට …මන්ත්‍රීගේ බලයෙන් ඔහු සමහර විට නිදහස් වේවී ..නමුත් අසරණ ජිවිත කීයක් මේ නරුමයෝ බිලි ගන්නවද ?

  2. චන්ද දායක says:

    මොනවටද ප්‍රබල ?

    • මහා හුරා says:

      අලි සබ්රි තමයි දැන් පොහොට්ටුවේ ප්‍රබලයා මුස්ලිම් බලේ රටේ රජ කරවන්නේ ..මෙයා එයාගේ ගෝලයෙක්ද ?

  3. The Funeral Director says:

    ඊයෙ පෙරේදා , කුලියාපිටියෙ ඇක්සිඩන්ටි කේස් එක උදාහරණ කොට , ඇප ඉල්ලන් ගෙදර ඇවිත්, ගල් කාලක් ගහල , කාක්, කාක් කියල නිදා ගනින් මචං, නිදොස්කොට , නිදහස් වෙනකං. නීතිය අපේ ඩෝ…..

  4. SKF says:

    රටේ ඔක්කොම් මිනිස්සුන්ට සම අයිතිවාසිකමක් හිමියි. ඉතින් එකෙක් කොහොමද ප්‍රබල වෙන්නෙ?

Main News