ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කරන්න දන්වයි…

May 22, 2022 at 6:20 pm | lanka C news

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන සතු මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමට තීරණය කෙරේ. ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර එම ප්‍රදේශවලට ආවේනික භෝග වගාවන් සිදු කිරීමට ඒ අනුව පියවර ගැනේ. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නිවාස රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව පසුගිය සිකුරාදා (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී පැවැත්විණ.

ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාල ආයතන සතු කිසිම ඉඩමක් හිස්ව නොතිබිය යුතු බවටයි. ආයෝජන සදහා ලබා දී ඇති ඉඩම් මෙතෙක් භාවිතා කර නොමැතිනම් එම ඉඩම් වහාම ආපසු පවරා ගන්නා ලෙසත්, අලුත් අයෝජකයන්ට ඒවා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. ආයෝජන සදහා ඉඩම් ලබා දිමේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීවේය. “ ආණ්ඩුව ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ගතහැකි සෑම පියවරයක්ම ගන්නවා. මේ මොහොතේ අපේ ප්‍රමුඛතාවය මේ ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමයි. ඉන්ධන, ගෑස් පෝලිම් අවම කරලා ජනතාව මුහුණපා තිබෙන දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීමට අපි හැම දෙයක්ම කරනවා. ගෝ ගම්මාන හදලා හර්තාල් කරලා ඉන්ධන, ගෑස් ප්‍රශ්නයට උත්තර හම්බවෙන්නේ නෑ. ඒවා අවසන් කරන්න නම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වැඩපිලිවෙල ආණ්ඩුවකට තනිව ක්‍රියාත්මක කළ නොහැකියි. ඒකට සියලුම පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යාවශ්‍යයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියන්නේ මේ රටේ සංවර්ධනයට සෘජුවම දායකවන අමාත්‍යාංශයක්. ඒ වුනත් මේ වෙලාවේ අපේ වගකීම තමයි මේ ආර්ථික අර්බුදයට විසදුම් හොයන එක. ඒ නිසයි මම අත්‍යාවශය අමාත්‍යාංශ වියදම් හැර සෙසු වියදම් කපා හරින්න කියලා කිව්වේ. දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් වගා කරන්න උපදෙස් දුන්නේ.”

මෙම සාකච්ඡාව සඳහා නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති කෝමදෝරු හිරාන් බාලසූරිය මහත්වරු ඇතුලු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
මාධ්‍ය ලේකම්

29,400 views

11 Comments to “ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කරන්න දන්වයි…”

  1. Lisbon says:

    පිනට කතා රටට සාපයක් වෙලා ඉන්න ගෝල්ෆේස් ජංගී හමුදාව ගිහිං දැම්මා නම් හරි හිස් ඉඩම් වගා කරපං කියලා.

  2. Mohan says:

    Need to cultivate imported food crops such as mysoor dhal, B-onion, wheat, etc.

  3. Simon says:

    Use night soil as fertilizer as in some developed countries, no other option.

  4. Gamarala says:

    තරුණයන් වගාකල කුබුරු ටිකත් විනාස කෙළේ මේ වසලයන් පොහොර ටික නොදී.

    • සුජාත says:

      තෝ වස කාල මැරිය.පොහොර කොම්පැණි වලින් ඩොලර් ගිලින කාලකන්නි කොහොම හරි කොටස් වශයෙන් රට කාබනික වගාවට යොමු කරන්න ඕන.මේ පොහොර කොම්පැණි වලට වැඩකරන වේසිගෙ පුතාලා කියන දේවල් කළොත් අනාගතයේ මිනිස්සු අවුරුදු 30-35 වෙද්දී මැරේවි

  5. Rohan Kusumsiri Bandara says:

    Idam tikata badu banis

  6. Kasun Perera says:

    ඊට කලින් කියහන්කො උබ මිරිස් ඇටයක් හිටොපි බේසික පුතෙක්ද කියලා😂😂😂🖕🖕🖕🖕 තෝ ඇවිලත් 5000 ට comment දාන හිගන දේශපාලන වහලෙක්

  7. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    ඇමති ප්‍රසන්න රණතුංග me pimpiya thamayi ratatama saape, kalakanniyaa uoo uge gewal hadaa ganneth apema salli walin eka paratama visaa dunanam iwarayi me wage apathayanta

  8. sam says:

    මෙහෙම කියලා බලපත්‍ර ලාබී ඉඩම් ටික දේශපාලන හෙන්චයියෝ මංකොල්ල කාවි

  9. හරි මග පෙන්නමු says:

    ගෙවත්තේ වර්ග මීටර් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් හිස්ව තබාගෙන ඇති හැම නිවැසියකුම යම් බෝගයක් වගා කිරීමට බල කරලා චක්‍රලේකනයක් ගැහුවා නම් අද ජනාධිපති ගොඩ ගිහින්. ඒ වෙනුවට රසායනික පොහොර තහනම් කිරීම කරපු එකයි අවුල උනේ.

  10. රටේ රාල says:

    හැම ගෙදරකම අවම වශයෙන් පෝච්චියක දෙකක එලවලු පැල හිටෙව්වොත් මාස දෙකක් ඇතුලත මේ ආහාර ප්‍රශ්නය හොඳ අතට හැරෙන්න පටන් ගනීවි. ලන්කාවෙ හැම එකාම බලාපොරොත්තු වෙන්නේ ආන්ඩුව කොහොමහරි කෑම සපයන්න ඕනෑ කියන එකයි. ගෙදර සාලයේ උනත් මිරිස් පැලයක් පෝච්චියක හිටවලා මේ දේ කරන්න පුලුවන්.

Main News