ප‍්‍රසන්න නඩු තීන්දුව පිලි නොගනී.. නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලයි…

June 7, 2022 at 12:40 pm | lanka C news
ප‍්‍රසන්න නඩු තීන්දුව පිලි නොගනී.. නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලයි…

කොළඹ මහාධිකරණය විසින් ඊයේ (06) ඇමති ප්‍රසන්න රණතුංග මහතාට ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොණු කෙරේ. ඇමතිවරයා වෙනුවෙන් නීතිඥ මේරි ඩික්මන් මහත්මිය මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත අද (07) මෙම අභියාචනය භාර දුන් අතර අදාළ නඩු ගොණුව අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

2015 වසරේ කොළොන්නාව මීතොටමුල්ලේ  වගුරු බිමක් ගොඩකර එහි රැදී සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිමේ සිද්ධියකට අදාළව අධි චෝදනා 15 ක් යටතේ මෙම නඩුව ගොණු කර තිබුණි. ඇමති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිද මොරීන් රණතුංග හා නරේෂ් කුමාර් ෆාරික් යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර වසර 07කට ආසන්න කාලයක් මෙම නඩුව විභාගයට ගැනිණි. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නඩුවේ තීන්දුව ඊයේ (06) ප්‍රකාශයට පත් කරමින් අධිචෝදනා 15වෙන් 14 කින්ම ඇමතිවරයා නිදහස් කළේය. දෙවන විත්තිකාරිය වු ඇමතිවරයාගේ බිරිද වන මොරීන් රණතුංග මහත්මිය හා නරේෂ් කුමාර් ෆාරික් යන අය සියලු චෝදනා වලින් නිදහස් කෙරිණි. 13 වන චෝදනාවට පමණක් ඇමතිවරයාට වසර 05කට අත්හිටවු සිර දඩුවම් නියම කෙරිණ.

අද (07) ඇමතිවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥ මේරි ඩික්මන් මහත්මිය මහාධිකරණ රෙජිස්ටාර්වරයාට භාරදුන් අභියාචනා පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම 13 වන චෝදනාවට ඇමතිවරයා වරදකරු කිරිමේ නියෝගය නිෂ්ප්‍රභා කරන ලෙසත් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය. එම සහනයන් ලබාදීම සුදුසු නොවන්නේ යැයි අභියාචනාධිකරණය විසින් තීරණය කරන්නේ නම් ලබා දි ඇති දණ්ඩන නියමයන් ලිහිල් කරන ලෙස ද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

50,795 views

24 Comments to “ප‍්‍රසන්න නඩු තීන්දුව පිලි නොගනී.. නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලයි…”

  1. kaml says:

    ඒක හරි වල කන්ට්‍රි වල ලෝ

  2. Tharanga says:

    Lajja thiyanawanam ain wela palayan ! pal hora

    • නිකමෝ සහ ගොබ්බ දේශය says:

      මේ වගේ උන්ට ලැජ්ජාව වැඩක් නෑ. උන්ට මුදල් වෙනුවෙන් ඕනෑම වැඩක් කළ හැකි අතර බලය අවශ්‍යය වන්නේ වෙනත් රැකියාවක් කිරීමට හෝ හස්ත කර්මාන්තයකටවත් මොළය නැති නිසාවෙනි. ඒ අනුව බලන විට අප රට බංකොලොත් වන්නේ තනිකර මොළය නැතිවුන් පෙරහුණ ගන්නා නිසාවෙනි. මොළය ඇති සහ ආචාර්ය පට්ටම් ගත්තවුන්ද ගොටු අල්ලන්නෝ සහ වාසියට කා ඉදිරියේ වුවද දණින් වැටෙන විභාග පාස් කළද දක්ෂතා නැති නිකමන්ය.

      • Ashan perera says:

        E mokada e? Oke thiyana chodana 14/15 nidahas welane thiyenne. Oka appeal karanna minihata aythiyak nadda. Mama nan hithanne okenuth miniha nidahas wei kiyala. Mokada ohe choodithayo 3 denagen 2 danatamath nidahas, ethuru wela thiyenne ekma eka chodanawai. Ethin oya siddiyedi etharam agathiyak wela nathinwenna one.

  3. ගල් ආරි says:

    අමුම අමු පාහර අපතයෙක් මූ….මේ කාලකන්නි මෙච්චර මහත් වෙලා තඩි බඩගෙඩියක් එල්ලගෙන ගියත් හාට් ඇටෑක් එකක්වත් ඇවිල්ලා මැරිලා යන්නෙ නැති හැටියක් හැබෑට…

  4. මොලේ කොලොප්පන් says:

    නිදහස් කළ 13 වැරදි බවට තීන්දුවක් ජනතාව ඉල්ලා සිටිනවා. නීතිපති විසින් දාහතරක් සඳහන් කළේ විත්තිකරු වැරදි නිසයි. ඉතින් නිවැරදි කරු ලෙස සඳහන් කළ 13 නැවතත් වැරදිකරුවෝ ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

  5. Balana Rala says:

    Mister minister, you should resign immediately. It’s proven that you done a blunder and you are guilty. No doubt about it. Cristal clear….
    Best thing is to resign immediately from your parlimentry seat and let the people decide in the next election weather they still want you to represent them in the parlement or not.
    If you are a gentleman and a truthful person you should have resigned already as your heart knows that you are guilty.
    Don’t create anymore distraction in the government and with President.
    You should be ashamed of yourself.
    Shame on you, shame on you and Shame on you.

  6. kalukaputaa says:

    bada thadiyawa me naduwen nidahas koranna puluwanbava mary dickman lady lawyer kiwwaalu. ekama eka
    kondesiyak mathaya. enam badathadiya oya lady lawyerta hikuwothnam moova kohomath points edala daala
    nidahas koranavaalu. namuth badathadiyata koheda thiyenne pollak. eya bada ethulatama gihillai thiyenne. moo
    uge geni moreentath hukanna beruwa hemadaama gedara randuwenavaalu.

  7. 0.0069 Biyyo says:

    me pahara bada thadi mole kaladak nathi …..puthawa Nandasena hurathal karanawa !

  8. Gamarala says:

    මේ පාර හිරේම තමා

Main News