ප්‍රසිද්ධියේ සමාව ගන්න සූදානම් බව රන්ජන් කියයි… ඕස්ට්‍රේලියාවේ පදිංචියටත් සූදානමින්…
February 12, 2022 at 10:02 pm | lanka C news
බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට නම් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි.
මෙවර නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට කේන්තියකින් සිටිනා බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ගේ කට ගැන ලැජ්ජා වන බවත් සිදුකළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීමටවත් සූදානම් බවත් ආසන්න දිනවල ඔහුගේ සුදු බැලීමට යන අය සමග පවසන බවද දැනගන්නට තිබේ.
මේ අතර වාර්තා වන්නේ රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් ලද පසු නැවත දේශපාලනයෙන් නොකරන්නට තීරණය කර ඇති බවයි.
ඔහු ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචිය සඳහා යාමට සූදානම් වී සිටින් බවද සදහන්ය.
මෝඩ ජනයාගේ කඩ්බෝඩ් වීරයා… නානසාර හිමි එහෙම ඔය වගෙ විලාප කියලා සමාව ඉල්ලුවද.? සමාජෙට මහා ලොකු කයිවාරු චරිත රඟපෑවට ඇතුලෙ ඉන්නෙ ලාමක පුද්ගලයන් බව ඔප්පු කලා…! ලෝකෙ කොහෙවත් කරලා නැතුව ඇති ඔය වගෙ ලාමක ජරා වැඩ… අනුන්ගෙ ඇමතුම් පටිගත කරලා තමන් ඇසුරු කල අයටත් විලිලැජ්ජාවෙ ඉන්න බැරිවෙන අසප්පුරුස වැඩ කරපු අන්ධබාලයෙක්…. මෙවැන්නන් ඉන්න රටටයි, ඇසුරු කරන අයටයි අබසරණයි…
මුලින්ම සොයා බැලිය යුත්තෙ මෙය සත්‍යයක්ද කියල …එය එසේ නම් මූ තරම් නිවටයෙක් තවත් නෑ…
Hirunikata, Hansamali samaga 3 some , Mugay katha walin theranawaa.