ප්ලේන්ටියක් 20යි.. ආප්පයක් 15යි.. වහා මිල ප‍්‍රකාශ කරන්නැයි දන්වයි..

September 27, 2017 at 5:30 pm | lanka C news
ප්ලේන්ටියක් 20යි.. ආප්පයක් 15යි.. වහා මිල ප‍්‍රකාශ කරන්නැයි දන්වයි..

වෙළදපොල තුළ භාණ්ඩ මිල උච්චාවචනයවීම තුළ ආහාරපාන වල උපරිම මිළ ප‍්‍රකාශයට පත් කරන්නැයි සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් විසින් මෙම ඉල්ලීම කරමින් පාරිභෝගික කටයුතු අධිකරිය වෙත යවන ලද ලිපිය මෙහි දැක්වෙයි.

හසිත තිලකරත්න මහතා සභාපති
පාරිභෝගික කටයුතු අධිකාරිය කොළඔ 02
සභාපතිතුමනි

වෙළදපොල තුළ භාණ්ඩ මිල උච්චාවචනයවීම තුළ ආහාරපාන වල උපරිම මිළ ප‍්‍රකාශයට පත් කිරීම

අද වන විට අප රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් උච්චාවචනය වීම නිසා සමස්ත ආපනශාලා පද්ධතියම විශාල අර්බුදයකට පත්ව ඇත.

අපගේ පාරිභෝගිකයින්ට ප‍්‍රමිතියෙන් යුතු ආහාරවේලක් සාධාරණ මිලකට ලබා දීම අපගේ අරමුණවන අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම දුෂ්කර වී ඇත්තේ වෙළදපොලතුළ අත්‍යවශ්‍ය භාණ්ඩමිල ඉහළයාම පමණක් නිසා නොව අත්‍යවශ්‍ය සේවාවන්ගේ මිල ගණන්ද ඉහළයාම හේතුවෙනි

ආහාර පීසීම සදහා අප ආපනශාලා හිමියන් ප‍්‍රධාන වශයෙන් ගෑස් භාවිතා කරනු ලබයි. ගෑස් මිල ඉහළයාම නිසා අප නිෂ්පාදනයන්ගේ මිල ඉහළයාම අප හට පාලනය කර ගත නොහැකි සාධකයක් වී තිබේ.

ව්‍යාපාරිකයින් මුහුණ දෙනු ලබන ගැටලූ පිළිබදව සොයා බැලීම සදහා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සදහා වන මිල ඉහලයාම වැලැක්වීම සදහා ඉක්මනින් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ලබන ලෙසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළයාම නිසා ආපනශාලා හිමියා විසින් ආහාරපාන සදහා වන මිල ගණන් වැඩිකිරීමෙන් පාරිභෝගිකයා මුහුණදෙනු ලබන අපහසුතාවය පිළිබදව වගකීම රජය විසින් ගත යුතු අතර ඔබ ආයතනයද එහි කොටස්කරුවෙකු ද වේ ඒ නිසා අප තවදුරටත් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම අවශ්‍ය බවයි.

එම නිසා අප විසින් ආහාර පාන වල උපරිම මිල ප‍්‍රකාශයට පත් කරන අතර, එය විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ කි‍්‍රයාවට නගන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.

  • තේ කෝප්පයක මිළ – රු.20.00
  • බත් පැකට්ටුවක මිළ – රු.130.00
  • ආප්පයක මිල – රු.15.00
  • කිරි තේ එකක මිළ – රු.40.00

අසේල සම්පත්
ජාතික සංවිධායක

213 views

2 Comments to “ප්ලේන්ටියක් 20යි.. ආප්පයක් 15යි.. වහා මිල ප‍්‍රකාශ කරන්නැයි දන්වයි..”

  1. silva says:

    samanalayanta jaaywewa

  2. David Milli-Banda says:

    Bittara Appe kiyada ???
    Gana Sirata kiyanna onay

Main News