ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් මිල ඉහලට..

October 9, 2021 at 4:40 pm | lanka C news
ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් මිල ඉහලට..

ගෑස් හා තිරිඟු පිටි මිළ වැඩි කිරීමත් සමග බේකරි ආහාර, කහට තේ, කිරි තේ මිලද ඉහළ දැමෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒවා 20% කින් පමණ මිල ඉහළ යනු ඇති බව ආපනශාලා හිමියන් සඳහන් කරති.

ඒ අනුව කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

22,183 views

16 Comments to “ප්ලේන්ටියක් 25.. රෝස් පාන් 30.. බනිස් 50 තෙක් මිල ඉහලට..”

  1. sarath says:

    Tawa tawa kiribath uyagene pare kapalla

  2. Venura Dias says:

    මම ලංකාවෙන් එනකොට ප්ලේන්ටියක් සත 6 යි.
    කිරි තේ එකක් සත 8 යි, නැත්නම් සත 10යි.
    ලොකු බනිස් ගෙඩියක් සත 10 යි. රෝස් පාන් සත 6 යි
    මගෙ අම්මෝ, දැන් ගණන් ගිහිං තියන තරම.
    මම හීනෙන්වත් හිතුවේ නෑ කිසි දාක
    තේ එකක් මෙච්චර ගණන් යාවි කියලා.
    මට හිතා ගන්න බෑ…….