ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආදිපත්‍ය බිද වැටී ශ්‍රී ලංකාව අප‍්‍රිකානු රටක තත්වය අබියස.. ප‍්‍රබල බටහිර තානාපතිවරු දැඩි කනස්සල්ලෙන් නිවේදන සුදානම්..

September 18, 2017 at 12:00 pm | lanka C news
ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආදිපත්‍ය බිද වැටී ශ්‍රී ලංකාව අප‍්‍රිකානු රටක තත්වය අබියස.. ප‍්‍රබල බටහිර තානාපතිවරු දැඩි කනස්සල්ලෙන් නිවේදන සුදානම්..

වර්තමාන යහපාලන ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා පත්කිරීමට අවශ්‍ය පසුබිම ශ්‍රීලංකාවේ නිර්මාණය කල බටහිර බලවත් රටවල් මේ දිනවල ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක නීතියේ ආදිපත්‍ය බිදවැටීම සම්බන්ධයෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුව තුල ගෙන යන ව්‍යවස්ථා විරෝධී කටයුතු සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වනුයේ මේ සති අග කොළඹට නුදුරුව හෝටලයකිනි.

මෙහිදී බටහිර බලවත් රටවල කිහිපයක ඉහළම නිලධාරින් කිහිපදෙනෙකු එකට මුණගැසී සාකච්ඡා කල කරුණු අතර මූලික වූයේ දැනට මෙරටේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආදිපත්‍ය බිදවැටීම සිද්ධින්‍ ය.

මේ හරහා උතුරේ මෙන්ම දිවයිනේ අනිකුත් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව දැඩි ලෙස ආණ්ඩුව කෙරෙහි තිබු විශ්වාසය බිදවැටි ඇති බවත් තානාපති තොරතුරු ආරංචි මාර්ගයන් සනාථ කොට ඇති බව එහිදි සාකච්ඡා විය.

ලතින් ඇමරිකානු මෙන්ම අප්‍රිකාවේ රටවල් වල ඇති තත්ත්වය මෙන් ඉදිරියේදී ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් වන ශ්‍රී ලංකාව පත්වීමට ඉඩ ඇති බැවින් මෙතෙක් ආණ්ඩුවේ වැඩසටහන් විවේචනය නොකර ආණ්ඩුවට සහය දුන් මෙම බලවත් රාජ්‍යන් ඉදිරි දින කිහිපය තුල ශ්‍රීලංකාවේ වර්තමාන ක්‍රියාකාරකම් ගැන තම ආණ්ඩුවල අප්‍රසාදය ප්‍රකාශ කරමින් දැඩි නිවේදන කිහිපයක් නිකුත් කිරීමට සුදානම් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අනාවරනය කරයි.

87 views

4 Comments to “ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආදිපත්‍ය බිද වැටී ශ්‍රී ලංකාව අප‍්‍රිකානු රටක තත්වය අබියස.. ප‍්‍රබල බටහිර තානාපතිවරු දැඩි කනස්සල්ලෙන් නිවේදන සුදානම්..”

  1. SUNIMAL says:

    මේක අහලා ඉන්දියාවට රජ මගුල්ලු කාලකන්නි යමපාලනය කවදද පන්නන්නේ කෝ අපේ ජන බලය?

  2. LION says:

    ජඩ බලයට එරෙහිව ජන බලය ඉදිරියට යමු

  3. siraa says:

    Api nam dhena gaththe ee kaalemayi.

  4. NAK says:

    These western countries not second to jadaplana govt. one can never trust them to do what they say. First lets see their statements.

Main News