ප්‍රථම වතාවට පාසලක සමස්ත ශ්‍රේණියක් Smart Classrooms බවට පත්වෙයි…

February 8, 2019 at 8:40 am | lanka C news
ප්‍රථම වතාවට පාසලක සමස්ත ශ්‍රේණියක් Smart Classrooms බවට පත්වෙයි…

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර (Smart Classrooms) බවට පත් කරන ලදී. මේ අනුව, ශ්‍රී ලංකාවේ පාසැලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්වන පළමු අවස්ථාව මෙයයි.

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් D .A .D . වානගුරු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මගපෙන්වීම සහ නායකත්වය මත 2017 වසරේ ජනවාරි 13 වනදා ටැබ්ලට් පරිගණක මගින් අධ්‍යාපන කටයුතු සිදුකරන මෙරට පළමු සුහුරු පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ ආරම්භ කළ අතර එහි සාර්ථකත්වය මත දෙමව්පියන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු විශාල ඉල්ලුම සලකා බලමින් මෙම නව සුහුරු පන්ති කාමර සංකීර්ණය ගොඩ නගා තිබේ. මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ CodeGen International ආයතනය සහයෝගය ලබාදී තිබෙන අතර මෙහිදී XOLO  Smart Classroom Platform යොදාගනී.

මෙම නව සංකීර්ණයට අංග සම්පූර්ණ සුහුරු පන්ති කාමර 05 ක් ඇතුළත් වන අතර සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් සිය අධ්‍යන කටයුතු කිරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. මෙම සිසුන්ට cloud smart තාක්ෂණය ඇති නවීන සුහුරු පුවරු (Smart interactive boards), මෘදුකාංග (Software ) සහ ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් ඉගෙනීමේ අවස්ථාව උදාවේ. මෙම වැඩසටහන සඳහා පූර්ණ තාක්ෂණික දැනුම හා මග පෙන්වීම මෙන්ම ගුරුවරුන් හා සිසුන් මේ සඳහා පුහුණු කිරීම CodeGen International ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් ලබාදෙයි.

මෙම සුහුරු පන්ති කාමර සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“මම මෙම වැඩසටහන ආරම්භ කළේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අළුතින් සිතා බැලීම සඳහා උනන්දු කරවීමටයි. මම හිතන්නේ අපගේ උත්සාහය සාර්ථක වෙලා තිබෙනවා. අප විසින් ආරම්භ කළ පළමු සුහුරු පන්ති කාමරය ගැන දරුවන්, දෙම්පියන් සහ ගුරුවරුන් සතුටු වෙනවා. මෙම වැඩසටහන තව තවත් පුළුල් කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. ඒ නිසයි, අද මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රජයේ පාසැලක් තුළ පළමු වතාවට සුහුරු පන්ති කාමර සංකීර්ණයක් ආරම්භ වෙන්නේ. මේ සඳහා සහයෝගය ලබාදුන් සියළුම දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ දියුණුම අධ්‍යාපනය මෙරට ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහන මගින් යම් කිසි පෙළඹවීමක් ඇතිවනු ඇතැයි මා විශ්වාස කරනවා.“

එදා කෝට්ටේ යුගයේ සුප්‍රකට යතිවරයාණන් මෙන්ම සාහිත්‍යධරයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වැඩ විසු එරබද්තොට පිරිවෙන තිබූ ස්ථානයේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය පිහිටා තිබේ. සැළලිහිණි සංදේශයේ නිර්මාතෘන් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට සෙවණ දුන් මහා නා වෘක්ෂය අදටත් මෙහි විරාජමානව පවතී.

– Harsha de Silva Media

98 views

4 Comments to “ප්‍රථම වතාවට පාසලක සමස්ත ශ්‍රේණියක් Smart Classrooms බවට පත්වෙයි…”

  1. Kamal says:

    සමාන අධ්‍යාපනය ලබා දීම ලෝකයේ කිසිම රටක් කරන්නේ නැත. දැන් වහාම ජාත්‍යන්තර පාසල්ද මේ ක්‍රමයට මාරුවිය යුතුය. එවිට විශාල කොමිස් මුදලක් හර්ෂාචාරියාට ලබා ගත හැකිය..

  2. Gayantha says:

    පොත් වලට යන වියදම සහ ටැබ් වලට යන වියදම බැලුවහම ආන්ඩුවට තවත් බරක් එකතුවෙනවා. අනික ටැබ් වගේ එවායේ නඩත්තු එනකොට ඒවාට යන වියදමත් ලෙසටම එකතුවෙනවා. ගසා කන ක්‍රම වැඩි කිරීම තමයි මේ ආන්ඩුව ආපු දවසේ සිට කරලා තියෙන්නේ.

  3. පොරියා says:

    මෙය ඉතමත් හොද දෙයකි.දැනටමත් ලොකයේ වරායවල් ආදිය automatic ක්‍රමයට වැඩ කිරීම ඇරබී ඇත.නුදුරු අනාගතයේදීම වාහන ආදියත් computor ආශ්‍රයෙන් පාලනය වීම සිදුවේ.දැනටමත් tesla සමාගමඑය භාවිත කරයි.මේවාට අවශය දැනුම ඇති දරු පරපුරක් බිහි කිරීමට මෙය වඩාත් උචිත වේ.

  4. Nuwan says:

    California school district parents are fighting to take out tables amd computers from the schools since old school teaching tools are proven to be good. Some schools districts are already doing it. Here we are doing opposite. This is just a scam. These MPs and companies involve in it will make money. It’s that simple to understand.

Main News