ප්‍රදේශ රැසක රන් භාණ්ඩ සොරෙක් CCTV මගින් අල්ලාගනී..

July 21, 2019 at 8:02 am | lanka C news
ප්‍රදේශ රැසක රන් භාණ්ඩ සොරෙක් CCTV මගින් අල්ලාගනී..

නිවාස සහ වෙළදසැල් වලට දිවා සහ රාත්‍රි කාලයේ ඉතා සුක්ෂම ලෙස ඇතුල් වි ස්වර්ණාභරණ  සොරකම් කරන සැකකරුවෙකු ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සමත් වි ඇත.

මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු මිට ප්‍රථම සිදු කල සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක් බන්ධනාගාරව සිට පසුගිය දා නිදහස් වි පැමිණ අයෙකු බව හැටන්  පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

සැකකරු හැටන් නොර්වුඩ් සහ මස්කෙලිය යන නගර වල නිවාස සහ වෙළදසැල් ගණනාවක් බිද එම නිවාස වල තිබෙන ස්වර්ණාභරණ සහ මුදල් සොරාගෙන ඇති බව පොලිසිය  පැවසුවේය.

සැකකරු හැටන් නගරයේ ඉකුත් 13 දින නිවසකට දිවා කාලයේ ඇතුල් වි ස්වර්ණාභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත හැටන පොලිසියේ නිලධාරින් හැටන් නගරයේ සවි කර තිබු  ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා එ අනුව සැකකරුව හදුනාගෙන පසුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් සොරා ගන්නා ලද ස්වර්ණාභරන වලින් කොටසක් මස්කෙලිය ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක උකස් කර තිබියදි පොලිස් භාරයට ගෙන ඇති අතර තවත් ස්වර්ණාභරණ කිහිපයක් සැකකරුගේ නිවසේ සගවා තිබියදි පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබි රු ලක්ෂ 2 මුදලක් ද සැකකරු විසින් සොරකම් කරන ලද රු හයලක්ෂ පනස්දහසක් වටිනා ස්වර්ණාභරණ හැටන් පොලිසියේ අපරාධ විර්ෂණ අංශයේ නිලධාරින් විසින් මේ වන විට සොයගෙන  ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,727 Viewers

One Comment to “ප්‍රදේශ රැසක රන් භාණ්ඩ සොරෙක් CCTV මගින් අල්ලාගනී..”

  1. MD says:

    Lankika apa saama kenekuge oluwe cctv camera ekka hai kalautui kiyala yojanawak gamu.mokada horakama karalath danne naha,mataka naha kiyanawane

Main News