ප්‍රධාන දෙමල පාසලක ගුරුවරියකට කොරෝනා.. ගුරුන් සිසුන් පිරිසක් නිරෝධායනයට…

April 25, 2021 at 5:30 pm | lanka C news
ප්‍රධාන දෙමල පාසලක ගුරුවරියකට කොරෝනා.. ගුරුන් සිසුන් පිරිසක් නිරෝධායනයට…

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන දමිල පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (24) දින රාත්‍රියේ තහවුරු වු බව කොටගල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.

එම ගුරුවරිය ඉකුත් (23) දින පාසලට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව ඇය තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ නිවසේ සිටියදි (24) දින රාත්‍රියේ හදිසියේ රෝගාතුර වි නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කරන ලද ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණයකින් එම ගුරුවරියට කොවිඩ්  19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත ගුරුවරිය ඉගැන්විම් කටයුතු සිදු කල එම පාසලේ 9 වසරේ සිසුන් කිහිප දෙනෙකු සහ එම අසාදිත ගුරුවරියගේ ළගම ආශ්‍රිත ගුරුවරුන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කරන ලෙසට එම පාසල අයත් බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරික්සකවරයාට දැනුම් දි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,069 views

One Comment to “ප්‍රධාන දෙමල පාසලක ගුරුවරියකට කොරෝනා.. ගුරුන් සිසුන් පිරිසක් නිරෝධායනයට…”

  1. sunimal says:

    කොරෝනවට නොදීපන් ඉඩ
    වැසී යන්නට මේ බිම
    වඳින්නම් පලයං ගෙට
    උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට..

Main News