ප්‍රධාන පාසලක OL-AL සිසුන් කැදවා උගන්වයි.. පොලිසියෙන් ගෙදර යවයි…

October 25, 2021 at 4:40 pm | lanka C news
ප්‍රධාන පාසලක OL-AL සිසුන් කැදවා උගන්වයි.. පොලිසියෙන් ගෙදර යවයි…

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ඇන්ෆිල්ඩ් දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් එම පාසලේ සමාන්‍යපෙල සහ උසස් පෙල හදාරන සිසු සිසුවියන් (25) දින පාසලට කැදවා ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බව ගුරු සංගම් චෝදනා කර සිටියි.

(25) දිනයේ එම පාසලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ගේ ඉගැන්විම් කටයුතු සිදු කිරිමට සමගාමිව විදුහල්පතිවරයා විසින් එම පාසලේ අධ්‍යාපනය ලබන සමාන්‍යපෙල සිසුන් 40 පමණ සහ උසස්පෙල හදාරන සිසුන් 15 ක් පමණ පාසලට කැදවා ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට එම ගුරු සංගම් චෝදනා කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල වෙත ගොස් විදුහල්පතිවරයාට අවවාද කර පාසලට පැමිණ සිටි සමාන්‍යෙපල සහ උසස් පෙල සිසුන් ආපසු නිවාස කරා යැවිමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති රාධාක්‍රිෂ්ණන් මහතාගෙන් දුරකථන ඇමතුමක් ඔස්සේ කල විමසුමකට ඔහු කියා සිටියේ පාසල් ළමුන්ට එන්නත් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට එම පාසලේ උසස්පෙල හදාරන සිසු සිසුවියන් පාසලට කැදවු බවත්, එම පාසලේ ප්‍රාථමික අංශයට (25) දින පැමිණි සිසු සිසුවියන්ව තම පාසලේ අධ්‍යාපන ලබන සමාන්‍යෙපල සිසුන් විසින් කැදවාගෙන පැමිණ බවයි.

එසේ පැමිණි ළමුන්ට තම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු නොකල බවද විදුහල්පතිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,698 views

5 Comments to “ප්‍රධාන පාසලක OL-AL සිසුන් කැදවා උගන්වයි.. පොලිසියෙන් ගෙදර යවයි…”

  1. දෙමාපියෝ says:

    සිංහල ළමයින්ට තමයි අධ්‍යාපනයක් නැත්තේ උතුරු නැගෙනහිර වතු දෙමල සේරම පාසල් ඉගැනීම් කරනවා තවත් ජප්පෝ, ටෙලිපොන් කුක්කෝ පස්සෙයන් දෙමව්පියෝ ඉන්නවද ? සම්පුර්ණ ගුරු වැඩවර්ජනය මෙහෙය වන්නේ ජප්පෝ සහ ටෙලිපොන් කුක්කෝ දරුවෙක් මල්ලෙක් නැති ස්ටර්ලින් කාලකන්නි පරය. දෙමාපියෝ

    • Boris Vanculenberg says:

      Tho thamaa mole nathi booruva, jaathivaadaya avussa ratata thavamath Gini thiyapalla, sakkiliya!!

  2. Sajja de Sereppu says:

    ගුරු සංගම් වනාහී උගන්වනවට විරුද්ද කාලකන්නි ඉන්න සංගම්.

  3. My God says:

    ළමයින්ට උගන්නනව කියල 119 කතා කරන යුගයකුත් ආව එහෙනම්.

  4. සහොදරය says:

    කුහක ජෙප්පො මෙහෙයවන මේ ගුරු වර්ජනය වලන්ගු වන්නෙ සින්හල බෞද්ධ පාසල් සදහා පමනී.

Main News