ප්‍රධාන පෙලේ සිද්ධිවලට නිශාන්ත සිල්වා නඩු නොපැරුවේ ඇයි..?

November 24, 2018 at 8:40 am | lanka C news
ප්‍රධාන පෙලේ සිද්ධිවලට නිශාන්ත සිල්වා නඩු නොපැරුවේ ඇයි..?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සිදුකළ විමර්ශනවලට නඩු නොපැවරීම පිළිබද මේවන විට සැකයක් මතුව ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබුණේ ‍පොලිස්පති පූජිත ජයසුන්දර මහතායි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසූවේ නිශාන්ත සිල්වා මහතා යටතේ සිදු කළ බොහෝ විමර්ශන සඳහා අධිකරණයේ නඩු පවරා නොතිබූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු විශේෂයෙන් ආන්දෝලනයට ලක්වූ මූලිකම විමර්ශන සිද්ධි විශාල ප්‍රමාණයක් සිදු කෙරුණේ නිශාන්ත සිල්වා යටතේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්ගේ සිද්ධිය, කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය යන ප්‍රධාන පෙලේ ඝාතන සිද්ධි ඇතුළු බරපතල ගණයේ විමර්ශන නිසි අයුරින් සිදු කර නොතිබූ බවත් ඒ හේතුවෙන් එම සිද්ධි මන්දගාමීව සිදුකරමින් එය යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වූවාද යන්න බරපතල සැකයක් මතුවන බවත් එම ආරංචි මාර්ග සදහන් කළේය.

නමුත් ඔහුගේ කාලයේ විමර්ශන සිදු කර නඩු පැවරූ එකම සිද්ධිය වන රවිරාජ් ඝාතන සිද්ධියද නිවැරදි ලෙස නඩු ගොනු නොකිරීම මත හරිආකාරව සිදුව නැතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම නිශාන්ත සිල්වා මහතා දක්ෂ නිලධාරියෙකු වූයේ නම් ඉහත සඳහන් බරපතල සිද්ධි විමර්ශනවලට පමණක් සීමා වූයේ මන්ද? යන්නත්, මෙපමණ කාලයක් එම විමර්ශන සඳහා නඩු නොපැරුවේ කුමන හේතුව නිසාද යන්න ඔහුගේ දක්ෂතාවය ගැන හෙළිවන බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

දරුණු අපරාධකරුවන් ක්ෂණිකව නීතියේ රැහැනට හසු කරගැනීමට හැකියාවක් ඇති මෙරට පොලිස් දෙපාර්තමේන්තුව මෙම විමර්ශන යටපත් වූයේ මෙම නිලධාරියාගේ වරදින් බවට මේවන විට හෙළිවී තිබේ.

එවන් වටපිටාවක් තුළ එම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවූ නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දී සුදුසු දක්ෂ නිලධාරියෙකු එම විමර්ශන ඉදිරියට ගෙන යාමට බාර දිය යුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

– Pr. Mat.

126 views

5 Comments to “ප්‍රධාන පෙලේ සිද්ධිවලට නිශාන්ත සිල්වා නඩු නොපැරුවේ ඇයි..?”

  1. දිල්හාන් says:

    සහතික ඇත්ත.මේවා හරියට කරා නම් මේ ආණ්ඩුවට මේ වගේ තත්වයක් එන්නෙ නෑ.ජනාධිපති තමයි මේවා හරියට කරන්න දුන්නෙ නැත්තෙ.එතකොට රනිලුත් ඒවට උනනදු වුනේ නෑ.ඉතින් ඔය මිනිහව මාරු කරපු එකම තමයි හොඳ.

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      දිල්හාන් උඹගෙ තාත්ත මී හරකෙක්ද​?

  2. Gunapala says:

    For the other serious cases Prez should be responsible. He is the man behind all the other cases not probed.

  3. NAK says:

    The real reason that no proper investigation was carried out is that they are not interested in catching the real culprit. They were only interested in dragging Gotabhaya in to it.

  4. Alapaluwa says:

    නිශාන්ත සිල්වා ගැන හැමතිස්සෙම මතක් කරණ මේ ලසන්තගේ දියණියට අපි කියන්න කැමතියි මේ ගතනයේ සුළමුල සොයා පරික්ෂණ කරා කියන නිශාන්ත යනු කවරෙක්ද කියා හරියට දැනගන්න අවශ්‍යනම් ,ඇත්තටම අපිවත් දැනුවත් කළ අතිදක්ෂ විශිෂ්ට මාද්‍යවේධියකු වන සමන් ගමගේ මහතා පසුගිය දිනක සවිස්තරාත්මකව ලියා තිබුණු ලිපියෙහි ඉතාමත් ලස්සණට මේ CID එකේ වැඩකළ නිශාන්ත යනු කවරෙක්ද කියා විස්තර කර තිබුණා..මෙවැනි ඇත්තටම අපි මෙවැනි ( corrupt) වුණු පොලිස් කරයින්ගෙන්ද අපි අවංක සේවයක් බලා පොරොත්තුවන්නේ? එමනිසා යම් කෙනෙකුගේ ගුණ අගුණ වර්ණා කිරීමට ප්‍රථම මොවූ කවුද,සිටපු කාලේ කුමක්ද කලේ, ඒ කගේ ඕනෑ එපාකම් මතද, යන කරුණු දැනගත යුතු වන්නේය බොරුවට කිබුල් කඳුළු හෙළීමට ප්‍රථම.ඇත්තටම මොවූ ගැන සත්‍ය විස්තර ලියපු සමන් ගමගේ මහතා එදා යුද්දය තිබු කල්හි අපිට නියම සවිස්තරාත්මක දැනගැනීම පිණසවැදගත් කරුණු අඩංගු ලිපි බොහොමයක් නිර්භයව සමහර අවස්ථාවල් ඒ යුද්දය පවතින දේශය තුල සිටත් අපේ රණවිරුවන් කළ දක්ෂකම් සටහන් ලියු ඇත්ත ඇති සැටියෙන් ලියාපු අවංක මාද්‍යවෙධියෙක්ය.එම නිසා මම ලසන්තගේ දුවට කියා සිටිනවා බොරුවට ලෝකයට පෙනෙන්න ඇඩුවට දන්න අපිනම් ඔය බොරුවලට රැවටෙන්නේ නැති බව.