ප්‍රධාන මාර්ගයට වන අලි තර්ජන.. ගම්වාසීන්ට පීඩා.. වන අලින් වෙන දිස්ත්‍රීක්කයන්ගේ පැන්නූ බවට චෝදනා..

July 24, 2018 at 2:08 am | lanka C news
ප්‍රධාන මාර්ගයට වන අලි තර්ජන.. ගම්වාසීන්ට පීඩා.. වන අලින් වෙන දිස්ත්‍රීක්කයන්ගේ පැන්නූ බවට චෝදනා..

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් වන අලින් ගම්වැදීමේ අවධානමකට ලක්ව ඇති අහෙයින් මාර්ගයන්හි ගමනාගමන කටයුතු වලට මෙන්ම ගම්මානයන්හි බවබෝගයන් විනාශ වීමේ ගැටලු සඳහාද මුහුණ පෑමට සිදුව ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.

මුලතිව් සිට මාන්කුලම් ද්කවාත් ඕඩ්ඩුසුඩාන් සිට මුලතිව් දක්වාත් ඇති ප්‍රධාන මාර්ගයන්හි සවස 4 වන විට වන අලි රංචු කිහිපයක්ම සැරී සැරීම හේතුවෙන් සවස 4න් පසුව මාර්ගයන්හි ගමනාගමන කටයුතු වල නිරත වන මුලතිව් වැසියන් දැඩි බියකින් පසුවන අතරම සවස 4න් පසුව බොහෝ ගමනාගමන කටයුතු නැවත්වීමට සිදුව ඇති බවටද එම වැසියන් කියා සිටිති.

එමෙන්ම පසුගිය දිනයන්හි ජලය සොයා ගම් වැදුනු වන අලින් සාමාන්‍ය වැසියන්ට අයත් බොහෝ වගාවන් විනාශ කොට ඇි බවටද පෙන්වා දෙති.

කෙසේ වෙතත් මුලතිව් වැසියන් චෝදනා කරන්නේ මීට පෙර මෙවැනි අලි තර්ජනයක් නොතිබුනු අතරම වෙනත් දිස්ත්‍රීක්කයන්හි සිට මුලතිව් කැලෑවන්ට අලින් පැන්නීම හේතුවෙන් මුලතිව් වැසියන්ට වනඅලි කරදරයන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් මේ පිළිබඳව උතුරු පලාත් සභාව මගින් හෝ අදාල බලධාරීන් දැනුවත් කොට විසඳුමක් ලබා දෙන ලෙසට එම වැසියන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views

One Comment to “ප්‍රධාන මාර්ගයට වන අලි තර්ජන.. ගම්වාසීන්ට පීඩා.. වන අලින් වෙන දිස්ත්‍රීක්කයන්ගේ පැන්නූ බවට චෝදනා..”

  1. අප්පෝ අලි දැන් අලිකෙලින්නේ සිංහල ජාතියටම තවමත් අලියාඑක්කද​???