ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීන් දෙකක නිල ඇදුම ගලවන්න යයි..
December 30, 2017 at 2:09 am | lanka C news
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.
ඒ සදහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබේ.
මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය විසින් සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී ඇත. නවීන කාලයට උචිත අයුරින් නිල ඇදුම වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහස වී ඇත.
නිල ඇදුම වෙනස් කිරිම පිළිබදව වෘත්තීය සමිති යෝජනා ලැබුන පසු යළි සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
– ප්‍රසන්න අධිකාරී