ප්‍රධාන හෝටල් සහ සුපිරි වෙළෙඳසැල් අසල අල්ලස් නිලධාරින්.. රුපියල් 5000ට වැඩි ටිකට්, ත්‍යාග වවුචර, හැම්පර් සෝදිසියෙන්
December 31, 2016 at 11:20 am | lanka C news
යහපාලන රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ නිලධාරින් රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් මොනයම් ආකාරයක හෝ රජය සමඟ ගිවිසුම්ගත ව්‍යපාරිකයන් විසින් අල්ලස් හෝ සන්තෝෂම් ලෙස හැම්පැර්, ත්‍යාග වවුචර හෝ ඩිනර් ඩාන්ස් ටිකට් පත් ලබා ගැනිම ලබා දීම හෝ ලබාදීමට අනුබල දීම වක්‍ර මාර්ගයේන් අල්ලස් ලබාගැනිමක් වෙයි.
එමගින් රජයේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනිමට දිරිමත් කිරිම යටතේ අල්ලස් දූෂණ හා විමර්ශන පනත අනුව වරදක් වන බැවින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය උපාය දූතයින් රටේ ප්‍රධාන තරු පන්තියේ හෝටල් අසල මෙන්ම ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් මෙන්ම ප්‍රසිද්ධ රෙදිපිලිසැල් අසල යොදවා ඇත.
මේ සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමටත් ඒ සඳහා පහසුකම් සලසන්නන් නීතියේ රැහැනට අසු කර ගැනීමටත් විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින් සහ රජයට සම්බන්ධ කම් ඇති පුද්ගලයන් සඳහා තෑගි ලෙස හැප්පර් ප්‍රවාහනය කරන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයින් සහ තැරව් කරුවන් අල්ලා ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේ දිනවල දිවා රාති ක්‍රියාත්මක වන අල්ලස් හා දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.