ප්‍රබලම දේශපාලනඥයකුට මාකදුරේ මධුෂ් අලුත් අවුරුදු තෑගි එවයි… සියල්ල මාට්ටුයි..
March 9, 2019 at 10:27 pm | lanka C news
පාතාල නායක මාකඳුරේ මධුෂ් ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලනඥයකුට පුරුද්දක් වශයෙන් අවුරුද්දට සුබපතා වටිනා තෑගි බෝග එවා ඇතැයි පාතාල කණ්ඩායම් සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රබල දේශපාලනඥයාට මධුෂ් සම්බන්ධ කරදී ඇත්තේ තරුණයන්ගේ කටයුතු හරහා දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නට යන රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු බවද හෙළිවී ඇත. පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ් හා කන්ජිපානි ඉම්රාන් ආයෝජනය කරන ලද මුදලින් මොහමඩ් රිස්කාන් නමැත්තා ඇරඹූ ටැක්සි සේවාවක් විවෘත කිරීමට රනිල් වික්‍රමසිංහ එක්ව ඇතැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කළේ මේ අතරය.
අගමැති රනිල් වික්‍රමසිංහට රිස්කාන් නමැත්තාගෙන් නිල් මැණිකක්ද ත්‍යාග වශයෙන් දී ඇති බව ඔහු අනාවරණය කළේය.
මාකඳුරේ මධුෂ්ට තෑගි දීම සඳහා දැනට දියමන්තිය සමග අල්ලා සිටින කැලුම් ඉන්දික නමැති ප්‍රබල පාතාලයා ලංකාවේ ප්‍රසිද්ධම ස්වර්ණාභරණ ආයතනයකින් රුපියල් කෝටි ගණනක රන් ආභරණ සාදවා යවා ඇති බව එම විමර්ශනයේදීත් හෙළිවිය.
මධුෂ් විසින් ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලනඥයකුට යැවූ තෑගි මොනවාදැයි මධුෂ් හෙළි කර නොමැති බවද සඳහන්ය.
– aruna
තෑගී ලෙසට ගත්ත කිවුවට ඔය රත්තරන් බඩු අපිට බෙදන්න කියලා නායක තුමාට දුන්නු බ්‍රේස්ලට් තොගයක් වෙන්න බැරිද?
කේම්බ්‍රිජ් ප්ලේසයේ රනීශ්…
Isn’t it the one now at the fifth lane ?
Could it be possible, if he the person who recently went to “THIRUPATHY” and offered some valuables ( could be gold ) to his weight?