ප්‍රබල ඇමැති රත්‍රං ජාවාරමක.. ඇමති නිල රියෙන් ගුවන් තොටට.. එතැනින් ඉන්දියාවට..
January 4, 2017 at 10:00 am | lanka C news
රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී ඇත.
ඉඩම් කොල්ලකෑම් සම්බන්ධයෙන් ද මෙම ඇමැතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
මෙම ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී ඇත.
කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්වා රැගෙන යැමට ඇමැතිවරයා තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.
මීට ටික කලකට පෙර මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුහුදු මාර්ග ඔස්සේ රත්‍රං කිලෝ 50 ක් ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.
එම රත්‍රං තොගය අත්අඩංගුවට පත් වීම නිසා ඇමැතිවරයාට ඔහුගේ සොහොයුරාට සහ ජාවාරම පිටුපස සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාට විශාල පාඩුවක් විඳීමට සිදු විය.
එම පාඩුව පියවා ගැනීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරිකයා ඔහුට අයත්ව තිබූ පිටකොටුවේ ගොඩනැඟිල්ලක් පවා විකුණා දැමූ බවද බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන ඇත.
මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම මෙරට ඇති රත්‍රං තොග පිටින් හොර රහසේම ඉන්දියාවට යෑවීම රටේ ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.
– දිවයින
එකෙක් භාන්ඩාගාරෙ කොල්ල කනව. තව එකෙක් රටේ රත්රන් ඉන් දියාවට පන්නනව. ඉතින් මේක ඉතිරු වෙයිද ?
wilpattu paaluwa & his brother ???????
Mun kavda kiyaa janathaavage danaganeema pinisa nam vashayenma palakaranavaanam ithaa hondai.
Thanapata witharada ahawalata penenne ….me hutapata kaata kiyannada ?…laksha 62 bathkana gonnu waha kaapiyau….
ඉංදියාවට රත්රන් අපනයනය කිරීම රටට ආඩම්බරයක් හිටං.
කකුළුවා දියකෙලින්නේ හැලිය රත්වනතුරු පමණක් බව සිහිපත්කරගනු මැනවි
නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ. දැන් හොයපියකෝ හොරු
Burka
Those who hide their faces are either dishonest, purveyors of terrorism or are carrying diseases that cannot be divulged – most common of which could be – bad breath !
Ithin arunge nam prasiddiye kiwwanam apitath denaganna puluwanne . Hangala wedak thiye ettha ekanam