ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා..

May 20, 2019 at 9:20 am | lanka C news
ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා..

පසුගිය සමයේ නැගෙනහිර පළාතෙන් අතුරුදන් වූ බවට පැවසෙන දෙමළ ජාතිකයන් 35 දෙනෙකු මරා දමා මඩකලපුව ප්‍රදේශයේ වළ දමා තිබෙන බව දෙමළ චින්තකයන්ගේ සංවිධානයේ (තමිල් උනර්වුගලෙයි අමෙප්පින්) නායක කනපදිපිල්ලෙයි මෝහන් මහතා අනාවරණය කරයි.

ඉකුත් 14 වනදා මඩකලපුව කල්ලඩිහිදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ මෙම ඝාතනය කාත්තන්කුඩියේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙහෙයවනු ලැබූ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකරන තිබෙන බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“ඝාතනය කළ පුද්ගලයන්ගේ සිරුරු වළ දමා ඇති ස්ථාන පිළිබදව සාක්ෂි අප ළග තිබෙනවා. අපි මේ තොරතුරු හමුදාව වෙත භාර දුන්නා. ඒ හමුදාව පිළිබද අපට තිබෙන විශ්වාසය නිසයි. මේ වළ දමා ඇති සිරුරු සොයගෙන ඒ පිළිබද විමර්ශන සිදු කළහොත් මීට වඩා තොරතුරු රැසක් සොයා ගැනීමට හැකිවනු ඇති බවට අපි විශ්වාස කරනවා. අතුරුදන්වූ ප්‍රබල චරිත මේ අතර සිටින්නට පුළුවන්, දේශපාලනයට එහා ගිය ව්‍යාපාරික තරගය සහ තනි පුද්ගලයන්ගේ තරහ පිරිමසා ගැනීම වෙනුවෙන් මෙම ඝාතන සිදුකර තිබෙන්නට පුලුවන්.

ඝාතනය කොට වළ දමා ඇති මෙම සිරුරු හදුනාගෙන වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුව ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

අපි මේ කරුණු හෙලිකිරීමෙන් පසු අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙලෙස ඝාතනය කර තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් බව කිව යුතුයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ පිරිස් ක්‍රියාත්මක වන බව මීට බොහෝ කාලයකට පෙර සිටම ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මඩකළපුව බන්ධනාගාරගත වූ සිරකරුවෙක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ළග ආයුධ තිබෙනවා කියලා සත්‍යග්‍රහයක් පැවැත්වුවා. ඒත් ඔහුව කවුරුත් ගණන් ගත්තේ නෑ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පත්කිරීම වැැරදි බව එදා සිටම අපි ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවින් සියයට අනූවක්ම සිදුව තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ. ඔහු කොහොමද ඒ බව නොදැන සිටියේ. දැනගෙන ඒව හැංගුවාද. නැත්තම් සොය බැලීම ඔහු පැහැර හැර තිබෙනවා. මෙවැනි විශාල සිදුවීම් සිදුවී තිබෙනවා. මේ සියලු කාරණාවලට හේතුව බලයයි. අනෙක එක් එක් නීති ක්‍රියාත්මක වීමයි. මුස්ලිම්, සිංහල, දෙමළ මේ සියළු ජනතාවට නීතිය එක හා සමාන විය යුතුයි.

– mawbima/colombotoday

101,773 Viewers

11 Comments to “ප්‍රබල දේශපාලකයෙක් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක.. 35ක් මරා වළ දමලා..”

  1. Aurora says:

    පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව විශේෂයෙන් මුස්ලිම් සහ දෙමල ජනතාව ඉතාමත් වැරදි තීන්දුවක් ගත්තා. දැන් එහි අනිටු ප්‍රථිපල සියලුම ජාතීන් හට විශේෂයෙන් මුස්ලිම් සහ දෙමල ජනතාවට ගෙවීමට සිදුවී තිබෙනවා. බලය වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන් යහපාලන කියන ආණ්ඩුව රට විනාශය කරා ගෙන යනවා.

    • සුජා says:

      මිනිස්සු කල්පනා නොකලාට ඉස්ලාම් වහාබි අන්තවාදය එදා ජර්මනියේ තිබුණු නාසි වාදයට ඉතාම සමානයි .වහාබි ඉස්ලාම් ක්‍රමය කියන්නේ ආගමක් නොවෙයි නාසි පාලන ක්‍රමයක් .
      නාසි වාදියෝ එදා කලෙත් සුපිරිසිදු ආර්ය ජාතියක් හදන්න කියල මිනිස්සු මරපු එක

      • රත්නසේන says:

        නොදන්න දේවල් නොකිය ඉන්න සුජා…වහබ්වාදය කියන්නේ එකක්, ජර්මනියේ එදා තිබුනේ දේශපාලන නැගී සිටීම තව එකක්, හිට්ලර් කියන්නේ මේ ලෝකේ බිහිවුනු “ශ්‍රෙෂ්ඨතම නායකයෙක්, උග්‍ර-ජාතිකවාදීයෙක්”.

  2. UNP GAL IBBA says:

    හිස්බුල්ලා පේන්නේ නැද්ද ගස්ගුල්ලා වගේ ඉන්න හැටි කොඳක් තියෙන දේෂපාලකයන් ඉන්නවා නම් මුංව තනතුරු වලින් එලවන්න ඕනේ??

    • maraya says:

      කණගාටුයි කියන්න අද මේ රටේ පාලකයින් වහබි අන්තවාදීන් නටවන රුකඩ පමණයි ….දෙමල කොටි ඩයස් පෝරාවත් ,අන්තවාදී වහබි ඉස්ලාමයත් අද රටේ බලවත් පුද්ගලයෝ වී රට පාලනය කරන්නේ ..exmple – ..ආණ්ඩුකාරයෝ මැති ඇමතිලා …
      ඔවුන් එම තනතුරු වලට පත් කලේ රටේ පාලකයෝ
      මේ රටේ තියෙන්නේ කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ පාලනයක්

  3. seaturtle says:

    today’s politicians are the ENEMY of the people
    Mass murderers

  4. Sun says:

    Threre are two types of invaders. Westerners and oil rich muslim Arab invaders. We are under the pressure of both. They are always against the Buddhist religion in general . Just imagine countries like Indonesia,Afganistan etc were converted due to Muslim invasion. One day they are expecting such thins from us. That is in their minds. What do you think . The process has been happening. It is going on.

  5. අංකූරා says:

    සම්පූර්ණයෙන්ම එකඟයි .

  6. නිළමේ says:

    ඒවා හොයලා පරීක්ෂණයක් කළානම් හොදයි, ඒ දෙමළ මිනිස්සු නම්, ඔවුන්ට ඉස්ලාම් වැළදගන්න කියල ඊට විරුස්ධවචේච අයද කියල.

    • semana says:

      කියන්න බෑ…. උන්ගේ ආගමේ නොවන අයට උන් සලකන්නේ අමුතුම ව්දියකට… මේ හරක් පාලකයන්ට තේරේන්නේ නෑ…. මේව කොනක ඉදල Investigate කල යුතුයි…. සිංහලයන් බෙදි බෙදි ඉදල හරියන ප්ර්ශ්නයක් නොවෙයි මේක…. අනේ දෙවියනේ …. මේ අපිට යන කල….

Main News