ප්‍රභල ආවා සාමාජිකයින් සිවු දෙනෙකු ආයුද සමග අත්අඩංගුවට
August 18, 2018 at 12:40 pm | lanka C news
යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන දෙකකදී ප්‍රභල ආවා සාමජිකයින් සිව් දෙනෙකු දින දෙකක් තුලදී අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
යාපනය පොලිස් විශේෂ කාර්යංශයට ලැබුනු තොරතුරු වලට අනුව යාපනය කෝපායි උරුම්පිරායි ප්‍රදේශයේදී ප්‍රභල ආවා සාමාජිකයින් දෙදෙනෙකු වන මෝහනදාස් දිනෝෂණ් හා ලංකේෂ්වරන් සමිත්මන් යන අය කඩු දෙකක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කෝපායි නිර්වේලි බටහිර ප්‍රදේශයේදී කනපති සුභාස්කරන් සහ කන්දවේල් නික්ෂණ් යන ප්‍රභල ආවා සාමාජිකයින් දෙදෙනෙකු කඩු දෙකක් සමග අත්අඩංගුවට ගත් බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයින් පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ සිදු වූ පහරදීම් හා මංකොල්ල කෑම් රැසකට සමබන්ධ බවටද තොරතුරු අනාවරනය වී ඇති අතරම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ “ආවා” නමැති මැර කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ රාජ්‍යයේ ඊළාම් ද්‍රවිඩයන් සඳහා වූ වාණිජ කවුන්සිලය (NCCT) යන ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව බව නෝර්වේ ප්‍රතිවිරුද්ධ ද්‍රවිඩ ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම සංවිධාන දෙකම මෙහෙවන්නේ නෝර්වේ කොටි නායකයා වූ තෙදියවන් බව අනාවරණය වී ඇත. “ආවා” කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ ක්‍රියාකාරීන් බවත් හෙළිවී ඇත.
සංස්කෘතික සංවිධාන ලෙසින් පවත්වාගෙන යන මෙම ඊළාම් සංවිධානවලට නෝර්වේ රාජ්‍යය අරමුදල් සපයන බව එම ආරංචි මාර්ග පැවසීය. නෝර්වේහි ඊළාම් ඩයස්පෝරාවේ පිරිස් සංචාරකයන් ලෙසින් පසුගිය කාලයේ යාපනයට පැමිණ ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ත්‍රස්ත මර්දන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති “ආවා” සාමාජිකයන්ගෙන් ඇතැමුන් උතුරේ පුංචි යාපනය නමැති ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළි වී තිබේ.