ප්රභාකරන්ගේ උපන්ගමේ කොටි කොඩිය දැමූ තැන ස්මාරකයක් හදන්න වැල්වටිතුරෙයි නගර සභාවවට යෝජනාවක්…
June 12, 2018 at 5:30 pm | lanka C news
කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාර්කයක් සැදීමට වැල්වැටිතුරෙයි නගරසභාව සූදානම් වූ උත්සහය අසාර්ථක වී ඇත.
වැල්වැටිතුරෙයි මුහුද ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගනයක එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී අඩි 80 ක් උසැති කොඩි කනුවක් ඉදිකොට එහි කොටි සංවිධානයට අයත් කොඩිය ඔසවා තිබුනු අතර යුද්දය අවසන් වීමත් සමග එම කොඩි කනුව ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.
පසුව පසුගිය දින කිහිපයේදී වැල්වැටිතුරෙයි නගරසභාව මගින් අදාල ස්ථානයේ කිසියම් ස්මාර්කයක් ඉදිකිරීමට සූදානමක් පැවති අතර අවසන් වතාවට රැස්වූ නගරසභා රැස්වීමේදී මෙම ස්මාර්කය පිළිබඳ විවාදයට ගෙන ඇති අතර එහිදී වැල්වැටිතුරෙයි නගරසභාවේ සිටින සභිකයින් 17 දෙනෙකුගෙන් 09 දෙනෙකුම අදාල ස්මාර්ගය සැදීමට විරෝධය පලකොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ස්මාර්කය සැදීමට වඩා එම ස්ථානයේ කුඩා ළමුනට අවශ්‍ය වන පරිදි ළමා උද්යාපනයක් ඉදිකිරීම යෝග්‍ය බවටයි.
පසුව වැල්වැටිතුරෙයි නගරසභාවේ සභාපති කරුණානන්දරාසා විසින් අදාල ස්ථානයේ ළමා උද්‍යානයක් ඉදිකිරීමට යෝජනා සම්මත කොට ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හිටං හුටන් කියනවා මම දැනගෙන හිටියේ නැහැලු
ජර්මනියේ හිට්ලර්ගේ ස්මාරකයක් හදන්න තහනම්
Let it be. Let them remember their heroes and show we are human. Dont try to push them to the wall and create another LTTE. Give respect and get respect..
Tamil people beware… you are being dragged down the path of racism and violence.. hail the decision taken here!