ප්රභාකරන්ගේ ගෝලයන් 14 ලංකාවට ඇවිත් ගිහින්..- මහින්ද
June 23, 2018 at 10:40 am | lanka C news
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ බොහෝ රටවල් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කාගේ වුවමනාවටදැයි කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගතයුතු අවස්ථාවේදී එසේ ක්‍රියා නොකර එම පිරිස් පැමිණ ශ්‍රී ලංකාවෙන් පිටවූ පසුව මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීම සිහිගන්වන්නේ අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ ජාතික ආරක්ෂාව ගැන අවදියෙන් සිටීමේදී හමුදා බුද්ධි අංශවල සේවාවන් ඉතාම වැදගත් බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමෙන් වත්මන් ආණ්ඩුව සිදුකර තිබෙන්නේ රටේ ජාතික ආරක්ෂාව නොසලකා හැර කොටි හිතවාදීන් සතුටු කිරීම බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
– mawbima
This is they have done so many time .when came to power 2002 somewhere Millennium City case Now again they are doing what west want.Now Pradeep EpanaliGoda case
2020 අපේ වටිනා චන්දෙන් රනිල් සමග සිරිසේන පරාජය කරවමු
දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ ජාතීන්ට අදාළ යැයි කියවෙන එකම බිම් අගලක් හෝ වෙනත් කිසියම්ම වැදගත් හෝ අවැදගත් කරුණක්වත් නිතර කියවෙන සංහිදියාව හෝ සාමකාමී සහජීවනය වෙනුවෙන් අත් හැරීමට කිසිම කැමැත්තක් නොදක්වන යුගයක හෝ අවස්ථාවක දී, සිංහල ජාතිය පමණක් ඔවුන්ටම ආවේනික වූ සම්ප්‍රදායන් හෝ ගම් බිම් අත්හරින්නේ ඇයි?
කොටි හිතවාදීන් සතුටු කරන මේ ආණ්ඩුව නෙරපා අපේ රට ජාතිය රැකගමු