ප්‍රභාකරන්ගේ චිත්‍රපට පිටපත් කදුකරයේ විකුණයි..

July 19, 2021 at 2:22 am | lanka C news

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවන චරිතය අලලා නිපදවන ලද ඉන්දීය දෙමළ චිත්‍රපටයක් අන්තර්ජාලයෙන් භාගත කර අළෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකු නුවරඑළිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය  පුද්ගලයෙකු සහ ඔහුගේ සහායකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරුට අයත්  නුවරඑළිය කාර්ගිල්ස් ගොඩනැගිලි සංකීර්ණයේ පිහිටි වෙළෙඳ සැළකද මේ ආකාරයටම අදාළ චිත්‍රපටය රුපියල් 50.00 ක මුදලක් ගෙන පෙන් ඩ්‍රයිව් වලට දමා දෙන බවට තොරතුරු හෙළිව ඇත.

සැකකරුවන් දෙදෙනා නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මහජන ආරක්ෂාවට හානිවන වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,200 views

2 Comments to “ප්‍රභාකරන්ගේ චිත්‍රපට පිටපත් කදුකරයේ විකුණයි..”

  1. මරා says:

    ස්තූතියි….. දැන් හැම එකාම මේක අන්තර්ජාලේ බලයි….

  2. weerasinghe says:

    මෙන්න නිවුස්. ,රටේ බහුතරේට මේව පෙනෙන්නෙ නෑ. සාකච්ඡාවට බදුන් වෙන්නෙ නෑ.
    රටේම අවධානය යොමුවේවා.

Leave a Comment