ප්රභාකරන්ගේ බර්ත්ඬේ කේක් සිංහල-මුස්ලිම් සිසුනට බලෙන් කවා යාපනේ සරසවියේ ගැටුම්.. දින නියමයක් නැතිව වසා දැමේ..
November 29, 2017 at 1:20 pm | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සිංහල සිසුන් පිරිසක් විසින් පාලනාධිකාරියට පැමිණිලි කිරීමත් සමග මණ්ඩපයේ සියලුම සිසුන්ට දින නියමයක් නොමැතිව ඊයේ (28) සවස සිට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත.
පසුගිය 26 වනදා වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ඇති යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයට අයත් නේවාසිකාගාරයන්හි දමිළ සිසුන් පිරිසක් විසින් කොටි නායකයාගේ යැයි සැක කෙරෙන උපන්දින සැමරුමක් සිදු කොට ඇත්තේ නේවාසිකාගාරයන්හි සිටි අනෙක් සිසු සිසුවියන්ටද කේක් කවමිනි.
පසුව එම ක්‍රියාව වැරදි බවට හගවමින් සිංහල සිසුන් පිරිසක් දමිළ සිසුන්ට පැවසුවද එම ක්‍රියාකාරකම් නොනවත්වා පැවතීම හේතුවෙන් එහි සිසුන් පිරිසක් විසින් මණ්ඩපයේ පාලනාධිකාරියට ඒ බව දැනුම් දී ඇති අතර එයට උරණ වූ දමිළ සිසුන් විසින් සිංහල සිසුන් බිය ගැන්වීමේ ක්‍රියාවක නිරත වී ඇත.
අනතුරුව ඒ බවද මණ්ඩපයේ පාලනාධිකාරියට දැනුම් දී අදාල පැමිණිළි සම්බන්ධයෙන් පාලනාධිකාරිය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් සිංහල සිසුන් උණුසුම්ව හැසිර ඇති අතර පසුව සිංහල සිසුන් හා දමිළ සිසුන් අතර ගැටුමක් ඇති වේ යැයි යන අවධානම හේතුවෙන් දින නියමයක් නොමැතිව නිවාඩු දී නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටද සිසු සිසුවියන්ට දැනුම් දී ඇත.
වව්නියාව මණ්ඩපයේ සියලු පීඨයන්හි සියලුම වසර වලට මෙසේ දින නියමයක් නොමැතිව දැනුම් දී ඇති අතර නේවාසිකා ගාරවල සිට සිය නිවෙස් වෙතට යමින් සිටි සිංහල සිසුන් කියා සිටියේ අදාල කරුණ සම්බනධයෙන් පාලනාධිකාරිය විසින් සිදු කරන විනය පරික්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අයියෝ ඕකට මොකටද බන් complain කරන්න ගියේ.. ආතල් එකේ cake කාපල්ලකො. උන් උගෙ උපන්දිනේට කනව අපි ඌ මළාට කනව.
Ela,
This is another proof tamil racism!!! This is why tamils are unable to form their own country or merge with any asian community.
STOP TAMIL RACISM & LTTE TERRORISM IN NORTH UNIVERSITY (Jaffna University )
Shame on you racist tamils
මේව ඔක්කොම වෙලාතියෙන්නෙ තමිල්නාඩුවෙ කියල අපෙ ආරක්ෂක ඇමති තුමා ඇස් දෙකෙන්ම දැකලනෙ!
දැන් පැමිනිලි කරපු සිංහල සිසුන්ට පංති තහනම් කරමු. නැතිනම් සංහිඳියාවට බාධාවක්.
මුළු රටටම අභය දානය දුන් රණවිරුවන් අනුස්මරණය තහනම් කල මිනීමරු කොටි සැමරුමට ඉඩ දුන් යහපාලනයෙන් තව කුමක් බලාපොරොත්තු විය හැකිද?
යාපනය සහ වෞනියාව තමිල්නාඩුවේ කොටසක් නිසා එහි ගොස් ප්‍රශ්න ඇති කරගත් සින්හල සිසුන්ට දඬුවම් කරනු.
If government continues keeping blind eye same set of Politicians will create another set of violent Tamil youths like Prabakan very soon. Government giving up everything for sponsored Sahilyawa. Future government’s has to face a another turmoil very near future.