ප්‍රභූ ඝාතනයකට අලුත් බෝම්බ හදයි.. අධිතාක්‍ෂණික උපකරණ අල්ලයි.. උතුරේ ආරක්‍ෂාව තීව‍්‍ර කෙරේ..

March 8, 2020 at 3:00 pm | lanka C news
ප්‍රභූ ඝාතනයකට අලුත් බෝම්බ හදයි.. අධිතාක්‍ෂණික උපකරණ අල්ලයි.. උතුරේ ආරක්‍ෂාව තීව‍්‍ර කෙරේ..

ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු කොටි ප්‍රබලයකු ඇතුළු හිටපු කොටි හයදෙනකු පුපුරන ද්‍රව්‍ය එක්රැස් කළ පුනරීන්හි ආරක්ෂිත නිවස්නයක්ද සොයාගත්තේ මාර්තු 03දාය. යුද හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම ජාලය ගැන සොයා ගත්තේය. එහිදී මෙතෙක් හමු නොවූ නව තාක්ෂණික උපකරණද සොයාගෙන තිබිණි.

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය දසවැනි වතාව මෙය ලෙස විමර්ශනවලදී හඳුනාගෙන ඇත. වහාම උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (5දා) සිට නියෝග කර ඇත.

ඉන්දියානු, මැලේසියානු රටවල සිටින කොටි ජාත්‍යන්තර නායකයන් හා කොටි හිතවාදීන් අරමුදල් සපයමින් අලුතින් හිස ඔසවන්නට සූදානම් කළ ප්‍රහාරක කණ්ඩායමට බෝම්බ වර්ග අලුතින් සැකසීමේ පුහුණුව ලබාදී ඇත. ජර්මනියේ සිට පැමිණි ත්‍රස්තයා මඩකළපුවෙන් කොටු කරගෙන ඇති අතර, සෙසු කණ්ඩායම් උතුරෙන් අල්ලාගෙන ඇත.

අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවෙන් හා උතුරෙන් එක්රැස් කිරීමට යුරෝපා රටවලින් මුදල් එවා ඇති බව බුද්ධි අංශ දැනට සිදු කළ මෙහෙයුම්වලදී හෙළිවී ඇත.

ජාත්‍යන්තර සහාය ඇතිව හිස ඔසවන්නට ගිය එල්ටීටීඊ අලුත්ම ජාලය පසුපස සිටින මොළකරුවන් හඳුනාගැනීමට හා අරමුදල් ලද ආකාරයන් ගැන සෙවීමට ජාත්‍යන්තර රටවල බුද්ධි අංශ සහාය ලබා ගැනීමටත් රජය තීරණය කර ඇත.

– aruna

42,790 Viewers

14 Comments to “ප්‍රභූ ඝාතනයකට අලුත් බෝම්බ හදයි.. අධිතාක්‍ෂණික උපකරණ අල්ලයි.. උතුරේ ආරක්‍ෂාව තීව‍්‍ර කෙරේ..”

  1. kim says:

    රට බේරාගනියව්.. මේ අවසාන අවස්තාවයි..

    • සිංහල බන්ඩා says:

      චන්දෙට ගොඩක් කල් තියෙද්දිම කොටි නැගිටලා. චන්දෙ ලං වෙනකොට ඇමතියෙක්වත් බාවයිද දන්නෙ නැ.

  2. රට ජාතිය ගොඩනැගුම , වර්ජන,දුම්රිය ප්‍රමාද,කුමන්ත්‍රණ,පාස්කු හෙළිදරව්,අලුත් අවුරුදු උණුසුම ,මහා චන්දය, රැකියා ප්‍රධනයේ උණුසුම,හඬපට, ටෙලිපෝන් , දෙබිඩි අලි රංගන, බිහිසුණු කොරෝනා තර්ජනය ආදී එකී නොකී
    මෙහෙවරයන්, අකල විකල ,කලබගෑනි පන නැගී ඇති
    මේ නිමේෂයේදී ජනපති තුමන් ඇතුළු පොහොට්ටු නායකයින්ගේ පුද්ගලික ආරක්ෂාව පිලිබදව වඩාත් සැළකිලිමත් වීම මැනවි.

  3. අක්බාර් ලොක්කා says:

    සුමන්දිරන් පිටුපස රහස් පොලීසිය යොදවනු

  4. Amaris says:

    Menna bomba naatakayath patan aran election ekata. Ochchara dagalanna epa unp awul nisa oyala nikanma dinanawa appa.

  5. පිස්සු පුසා says:

    ඔව හම්බ වෙන්නෙ චන්ද කලයෙදිමනේ .. අනිත් කාල වලදී කොටි නිදි

    • පිස්සු පූසලාගේ අමාරිස් says:

      අපි වගේ එකෙක් හිටියම අැති පාස්කු බෝම්බ කාරයන්ටත් මිනිස් අයිතිවාසිකම් සහිත කොටින්ටත් නිදහසේ කැමති දෙයක් කරන්න

  6. LION says:

    උතුරේ ජනගහනයෙන් සැම 1000 ට එක ඔත්තු කරුවෙක් රජයෙන් යෙදවිය යුතුය

  7. Saman says:

    Muslim tamil evun kelinava

  8. Vijaya says:

    Chandayak kittu venakota koti enava isis enava thava avurudu 100 yak giyath lankawa othanamai mata dukai mage mavbimagena

    • Boo says:

      ඔබට තියෙන්නේ ඕවා විශ්වාස නොකර ඔය තර්ජන තියෙනවා කියන පැතිවලටම ගිහිල්ලා නිදහසේ ජීවත්වෙලා පෙන්නන එකයි. දරුවන්වත් ඒ පැතිවල පාසලකට යවලා හිතේ සැනසිල්ලේ ඉන්න එකයි, මොකද ඔබ හිතන විදිහට ඕවා බොරු නේ!

      ඔය හමුදාවෙන් කියන කතා බොහොම හොඳින් විශ්වාස කරන අපිනං ඒ පැත්තටවත් යන්නේ පරිස්සමින්. ඔබ එහෙම වෙන්න එපා. ඔබ හමුදාවෙන් කියන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. ඒක ඔබේ ප්‍රතිපත්තියයි, අනිත් අයගේ නෙමෙයි.

  9. Buddhist says:

    Ai Rajapakse waru chandeta ena kale thamai mewa ahuwenne?

  10. Sadarana Kota says:

    Another face of election campaign of Rajapakshas… තවත් එක රාජපක්ෂ චන්ද ප්‍රචාරයක්..මේවා පරණ වෙනවා කියල මුන්ට තේරෙන්නේ නැද්ද, නැත්නම් මිනිස්සු පොල් මෝඩද? කොටින්ට ගහන්ඩ ඕන නම්, රනිල්ගේ කාලෙම ගහන්ඩ තිබ්බ නේ, ඒ දවස්වල නේ ආරක්ෂාව හරිම දුර්වල වෙලා තිබ්බේ කියල ඔය රාජපක්ෂවරු කිවුවේ. කොටින්ට දැන් ද ගහන්ඩ හිතිලා තියෙන්නේ? අනේ මන්ද, අපි බයට උඹලටම චන්දෙ දෙන්නම්කො…වාසනාවට කිසිම පක්ෂයක් නැහැ කොරෝනා වලට බෙහෙත් තමන්ගාව තියෙනවා කියල කියන්ඩ. නැත්නම් එහෙම කියන උන් බහුත්රරය ගන්නවා අනිවා

    • කිරිමෙල් says:

      කොටි මොකටද හලෝ රන්නිල් ඉන්න කාලෙ ගහන්නෙ? ඒක කොටින්ගෙ කාලෙ නේ. හමුදාවට කෙලවපු කාලෙ නේ.

Main News