ප්රවහනය කරමින් තිබු තේ දළු වලට භුමිතෙල් ප්රහාර.. වතු කම්කරු වැඩ වර්ජනය තව දුරටත් ක්රියාත්මකයි..
December 8, 2018 at 8:02 am | lanka C news
වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වාවැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් ලංකාකම්කරු කොන්ග්රසය වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිව්වෙනි දිනටත් ක්රියාත්මකයි.
ලංකා කම්කරු කොන්ග්රසයේ සමාජිකයන් වැඩ වර්ජනයේ නිරතවුවද වතුකරයේ අනෙකුත් වෘත්තිය සමිතිවල සමාජිකයන් සුපුරුදු පරිදි (07) දිනයේත් තේවතු වල සේවා සදහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.
ලංකා කම්කරු කොන්ග්රසය විසින් දියත් කර ඇති වැඩවර්ජනයටසහයෝගය නොදක්වන හැටන් ස්ටැඩන් වතු යායේ වතු කම්කරුවන් විසින් (06) දින නෙළු තේ දළු කිලෝ 1440 ක් හැටන් ස්ටැඩන් තේවත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා ට්රැක්ටර් රථයකින් ප්රවහනය කරමින් තිබියදි පස්වරු4.30 ට පමණ හැටන් ෂැනන් වත්ත ප්රදේශයේදිකිසියම් පිරිසක් ට්රැක්ටර් රථයේ තිබු තේ දළුවලට භුමිතෙල් වක් කර එම තේ දළු විනාශ කර තිබුණා.
අමු තේ දළුවලට භුමිතෙල් වක් කර විනාශ කිරිම සම්බන්ධයෙන්වතු පාලන අධිකාරි විසින් හැටන් පොලිසියට පැමිණල්ලක් කර මින් සදහන්කර තිබුණේ දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මග රැක සිට තේ දළු ප්රවහනය කල ට්රැක්ටර් රථය නතරකර දළු මතට භුමිතෙල් ඉස රු එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා අමු තේ දළු විනාශ කර ඇති බවයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමටහැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්තාවේ වතු පාලන අධිකාරිය මගින්ඊයේ රාත්රියේ එම පැමිණිල්ල ඉවත් කර ගත් බව හැටන් පොලිසිය පැවසිය.
ලංකා කම්කරු කොන්ග්රසයේ ආධාරකරුන් තම දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතුසමාගම්වලට බලපැම් කරමින් 07 දින උද්ඝෝෂනය සිදු කරන අතුරතුර වෙනත් වෘත්තිය සමිතිවලසමාජිකත්වය දරන වතු කම්කරුවන් පිරිසක්සුපුරුදු පරිදි තේ දළු නෙලිමේ කටයුතු වල නියැලි සිටියි.
වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වාත් පැමිණිමේදිමනාව වශයෙන් දැනට දිනකට ගෙවන රු 75 දිමනාව රු 140 දක්වා වැඩි කර වතුකම්කරුවෙකුටදිනකට සියළු දිමනා සමග රු 1012 ක වැටුපක් ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමයඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකා බද්ධ වෘත්තිය සමිති මගින් ප්රතික්ෂේප කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
Thondata meva karanna support karanne Indian RAW kiyala hithenne mata vithrade. JVP eketa support kereth RAW lankawe factory vahanna.