ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් – Google transit ලංකාවේ මෙහෙයුම අරඹයි…

July 12, 2019 at 3:00 pm | lanka C news
ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් – Google transit ලංකාවේ මෙහෙයුම අරඹයි…

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වෙයි. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගූගල් මැප් යනු ගූගල් සේවාව ලබා දෙන අන්තර්ජාල සිතියම් සේවාවකි. එම සිතියම් සේවාවෙන් දැනට Google traffic යන විශේෂාංගය ශ්‍රී ලංකාවට විවෘතව පවතී. එම Google traffic විශේෂාංගයෙන් පෞද්ගලික ප්‍රවාහන තොරතුරු සහ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ස්ථාන සහ මාර්ග සිතියම් තොරතුරු සපයයි. නමුත් ගූගල් මැප්හි පොදු ප්‍රවාහන සේවාවේ තොරතුරු ලබා දෙන Google transit විශේෂාංගය තවමත් ශ්‍රී ලංකාවට විවෘතව නොමැත. ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී අද සිදු කෙරුණේ එම Google transit විශේෂාංගය මෙරටට සක්‍රීය කර ගැනීම සඳහා අතවශ්‍ය වන දත්ත සමූහය ගූගල් ආයතනයට නිල වශයෙන් යොමු කිරීමයි. ඉදිරි දින කිහිපයේදී ගූගල් ආයතනය විසින් එකී දත්ත නිරීක්ෂණය කර අන්තර්ජාලයට මුදා හැරෙනු ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් Google transit විශේෂාංගයෙන් ‍තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මෙරට පොදු ජනතාවට උදා වන බවත් එම ව්‍යාපෘතියේ ‍භාරකරු, මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසයි.

“මෙම සේවාව යටතේ ඔබට පොදු ප්‍රවාහනයේ තොරතුරු විශාල වපසරියකින් ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා. උදාහරණයකට ඔබට නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට මෙම Google transit විශේෂාංගයෙන් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරනවා. ගමනට ගතවන කාලය, බස්රථ නවත්වන ස්ථානය, පයින් යායුතු තැන්, දුම්රිය නැඟිය හැකි තැන් ආදි වශයෙන් තොරතුරු රැසක් එයින් ලබා ගත හැකියි. ඇත්තටම මෙම විශේෂාංගය දැනටමත් ජපානය, චීනය වැනි රටවල ක්‍රියාත්මක වනවා. ඉදිරි සති කිහිපයේදී අපේ රටෙත් මෙම විශේෂාංගය සක්‍රිය වනවා. එය ප්‍රවාහනයේ තොරතුරු විප්ලවයක් යැයි අපට හඳුන්වා දෙන්න පුළුවන්…”යිද ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පැවසීය.

Google transit විශේෂාංගයෙන් මුල් අවස්ථා‍වේදී තොරතුරු ලබා ගැනීමට හැකි වන්නේ බස්නාහිර පළාතේදී පමණි. දෙවැනි අදියරේදී සෙසු පළාත් දක්වා ව්‍යාප්ත කෙරේ. දුම්රිය, අන්තර් පළාත් බස්රථ සහ පළාත් සභා බස්රථ පිළිබඳ ‍තොරතුරු එයින් ආවරණය කෙරෙයි. දුම්රිය රතු පැහැයෙන්ද අන්තර්පළාත් බස්රථ නිල් පැහයෙන්ද පළාත් සභා බස්රථ කොළ පැහැයෙන්ද සිතියමේ දැක්වෙයි.

ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා පවසන්නේ මුල් අවස්ථාවේදී කාල සටහන් ගත තොරතුරු පමණක් එම Google transit විශේෂාංගයෙන් ලබා ගැනීමට හැකි වුණත් පසුව GPS තාක්ෂණය යොදා ගනිමින් සජීවි තොරතුරු මෙම විශේෂාංගයෙන් ලබා දීමට හැකි වනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවද ප්‍රවාන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී සහතික කළේය.

“තාමත් බොහෝ අය ජාතික ගමනා ගමන කොමිසම් සභාව දෙස බලන්නේ බස්රථ සඳහා බලපත්‍ර ලබා දෙන ආයතනයක් ලෙස. නමුත් ජාතික ගමනා ගමන කොමිසම් සභාවෙන් විය යුත්තේ ලයිෂන් ලබා දීම නොමෙයි. මගේ පෞද්ගලික මතය නම් ජාතික ගමනා ගමන කොමිසම් සභාව කළ යුත්තේ බස්රථ නියාමනය පමණයි. එතැනට ජාතික ගමනා ගමන කොමිසම් සභාව ගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා. ඒ වගේම Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමට මුල පිරීමට හැකි වීම ගැනත් මම සතුටු වනවා. එයින් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපි විශ්වාස කරනවා. අද අපි මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ පොදු ප්‍රවාහනයෙන් මහජනතාව ඈත් වීම. කෙසේනමුත් මේ වන විට නැවත වරක් පොදු ප්‍රවාහනයට මෙරට ජනතාව ආකර්ෂණය වන බව නවතම දත්ත පෙන්නුම් කරමින් තිබෙනවා. Google transit වැනි විශේෂාංග හඳුන්වා දීම මඟින් එය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව මම වි‍ශ්වාස කරනවා…”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

70,322 Viewers

19 Comments to “ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් – Google transit ලංකාවේ මෙහෙයුම අරඹයි…”

  1. Love nature says:

    අපේ රට Google පාවා දීමක් ආරක්ෂාවට බාදාවක්

    • දේවක says:

      මේ ගොන් බයියන්ගෙ කමෙන්ට් කියවන එක තමා ආතල්ම දේ 😀 😀

    • මළ කෙලියයි !!!!. .දැන් හෙට ඉඳන් ගැමුණු ඇතුලු පිද්ගලික බස් සංගම් වර්ජනය කරයි !!!. හේතුව.. ඔවුන්ගේ කොටන රූට් ඒවාට යන අමතර කාලයත් එක්ක ගෙඩි පිටින් මුළු ලෝකයටම නිරාවරණය වනවා. නුගේගොඩ හන්දියේ බොරැල්ල හන්දියේ .. විනාඩි 5 waiting විනාඩි 10 waiting කියලා ගූගල් එකේ රවුන් කරලා පෙන්නන්න වෙයි.

  2. Love nature says:

    මිනිසාගේ දියුණුව සේ ම විනාශයත් එක ලෙස ම එකට ඇති දෙයක් බව දැන ගත යුතුය

  3. LION says:

    1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, මෙය ලෝකය පාලනය ක‍රන්න හොද මෙවලමක් වෙන්නත් පුලුවන්

  4. Dasun says:

    Good work. Well done Arjuna.

  5. Don_Simon says:

    Waste of money

    • Lol says:

      Its not a waste of money, most developed countries have it. Youth and foreign visitors will use it. And the expenses r to Google government just need to update the timetable s regularly thats all.

  6. Nalaka says:

    ඔවැනි අධි තාක්ෂණික දේවල් ලංකාවට ලැබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා පමණක් බව සියළු දෙනාම හොඳින් මතක තබාගන්න.

    • Jagath says:

      ඔව් අධිතාක්ෂණයෙන් බැංකුකැඩීම,

    • 2005-2009 defence.lk රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය ඉතා සාර්ථකව යුධ මෙහෙයුමේ ගතික ග්‍රැෆික් සිතියමක් නිර්මාණය කලහ. මෙහෙයුමේ සෑම සිද්ධියක්ම ක්ෂණයෙන් ජනතාවට එමගින් සිතියම තුල දැනුවත් කරන ලදී. අදවන විට හමුදාවටම අමතක වූ මෙම ක්‍රියාවලිය යුධ මෙහෙයුමේ විනිවිදභාවයට හොඳම සාක්ෂියකි. මේවා රනිල් වික්කම-සිංහගේ සම්බන්ධයක් නිසා නොව රට තුල සිටින නිර්මාණශීලී මිනිසුන්හට නිසි නායකත්වයක් සහ ජීවිකාවන් ලබාදීම නිසා ඇතිකරගත් හැකියාවන්. ගූගල්ද එවැනිම තවත් වැඩි දියුණුවූ නිෂ්පාදනයකි. අද සිදුවන්නේ රටේ මෙවැනි නිර්මාණකරුන්වන් අමතක කර බටහිරින් ඒ සියල්ල තම කොමිස් ව්‍යාපාරය හරහා ලබාගැනීමයි.

  7. MAP Hemachandra says:

    At last Google Transit was launched by present management which was initiated by me in 2018. Thanks for the Hon. Minister and staff of NTC. Thanks Dr. Dimantha De ilva and Moratuwa University staff for helping NTC to introduce this to PUBLIC.

    • නුවන් says:

      මෙන්න අර ධීන මානසිකත්වයක් තියෙන ලෝක දේශපාලනයේ යටි අරමුණු හිතාගන්න බැරි තාක්ෂණ අනුකාරකවාදියෙක් කට ඇරලා .මනුස්සයෝ ඔය කෙහෙල්මල ඔතරම්ම වැදගත්නම් මොකද චීනය ගූගල් කොම්පැනියට රටට ඇතුළුවෙන්න දෙන්නේ නැත්තේ ?
      ඇමරිකානු ගැති තමුසෙලා වගේ අනුකාරකයන්ටම හොඳයි ඕවා .

      • Check says:

        මුන් වගේ බයියන්ගෙ කමෙන්ට්ස් කියවල මාරම ආතල් එකක් ගන්න පුලුවන් පවි අසරණයෝ…

  8. alfred says:

    China does not use google.

    • Check says:

      So what.they use baidu..idiots like you will praise this had this been done by M R .learn to good for good and bad to bad..idiot

  9. මල්ෂා වානගුරු says:

    ගරු අගමැති තුමාට ස්තුතියි

  10. Sachith says:

    Google kaarayatath pissu hadei mehe podu prawaahane dakkama

  11. Nihal says:

    Well done honorable rata wickkamasinghe – Now can run away past after bank robberies

Main News