ප්‍රවීණ ජන සංගීතවේදීන් සමඟ විහාර මහා දේවී උද්‍යානයේදී “සිව් දෙස ජන නාදේ 2018”…

January 20, 2018 at 2:09 am | lanka C news
ප්‍රවීණ ජන සංගීතවේදීන් සමඟ විහාර මහා දේවී උද්‍යානයේදී “සිව් දෙස ජන නාදේ 2018”…

ශ්‍රී ලංකා නෝර්වේ සංගීත සහයෝගීතාවයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකට වූ ජන සංගීතවේදීන්ගේ සංගීත රාවය 2018 ජනවාරි 28 වන ඉරිදා සවස 6.30 ට විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේදී ආරම්භ වේ. මේ සඳහා ඇතුල්වීම නොමිලේ වන අතර රවිබන්දු බෙර වාදක කණ්ඩායම, නාද්‍රෝ සහ නටන්ඩා, බලිෆොනික්ස් – මියුසික්මැටර්ස්, මියැසි ජන සංගීත කණ්ඩායම, සඳසි බෙර වාදකයෝ සහ දමිළ මුරස සහ ආරාධිත බංගලිදේශ චිර්කුට් කණ්ඩායම වෙයි.

පුරා වසර නවයක් අඛණ්ඩව අද්විතීය ලෙස පැවැත්වූ යාපන සහ ගාලු සංගීත උළෙලයන්හි අවසානය ශ්‍රී ලාංකේය ජන සංගීතය සඳහා වූ “සිව් දෙස ජන නාදේ 2018” සංගීත වැඩසටහනයි. යාපන සහ ගාලු සංගීත උත්සව ආරම්භ වූයේ බොහෝ ජන සංගීතවේදීන් තම ගම් ප්‍රදේශ අතරට පමණක් සීමාවී තිබුණු සහ ඔවුනට රඟ දැක්වීමට අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැලඳුම් ප්‍රමාණවත් පරිදි නොතිබුණු අවධියකය. මෙම සංගීත උත්සව ද්විත්වය ජන සංගීතවේදීන්ට සිය සංගීත සම්ප්‍රදායන්හට නව ජීවය දීමට සහ ජාත්‍යන්තර කලාකරුවන් සමඟ එකම වේදිකාවකදී රඟ දැක්වීම දක්වා ගෙනයාමට මාර්ඟයක් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ කාර්යය සඳහා දැවැන්ත පිළිගැනීමක් ලැබීමයි. “සිව් දෙස ජන නාදේ 2018”මෙම ප්‍රවණතා අනුගමනය කරන අතර ජන සංගීතවේදීන්ගේ, ජනවාර්ගික කණ්ඩායම්, ජන සංගීත සම්ප්‍රදායන්, නූතන සංගීත නව්‍යකරණයන් හරහා විවිධත්වයන් අනුව පෙළගස්වා ඇත.

එහිදී උදෑසන 9.30 ට දරුවන්හට අක්කරෙයිපත්තුව සුෆී සංගීත කණ්ඩායම, මඩකලපුවේ පෘතුගීස් බර්ගර්, පුත්තල්‍ම සිලෝන් කපීර්මංජා, අම්බලන්ගොඩ සාරංග රූකඩ කණ්ඩායම, මඩකළපුවේ පරෙයිමේලම් කණ්ඩායම, මුලතීවු කරහම් සහ කුඩාමොතල් කුම්මි කණ්ඩායම, කොළඹ සඳසි බෙර කණ්ඩායම, පවර් ඔප් ප්ලේ හි සුලෝචනා දිසානායක සහ මියුසික්මැටර්ස් – සුමුදි සුරවීර ඇතුළු කණකණ්ඩායම විශේෂයෙන් එකිනෙකට වෙනස් පරාසයන් තුල දරුවන්හට නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් තුලින් වින්දනයක් ලබා ගැනීමටත් කලාකරුවන් හා සම්බන්ධ වී අන්තර් ක්‍රියාකාරකම් කිරීමට විවෘත ඉඩ ප්‍රස්ථාවත් තම තමන්ගේ නිර්මාණ ප්‍රකාශ කිරීම සඳහා නිදහස් වටපිටාවක් ආදී වශයෙන් සලසා ඇත.

ශ්‍රී ලංකා නෝර්වේ සංගීත සබඳතාවය (SLNMC) ට පූර්ණ මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය වන අතර ක්‍රියාත්මක කරනු ලබන්නේ නෝර්වේ කුල්තටෑන්කන් (Kulturtaken) සහ ශ්‍රී ලංකාවේ සේවාලංකා පදනමයි. තවද මෙම වැඩසටහන සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය සහයෝගය දක්වනු ලබයි.

– රෝහණ වීරසුරිය

71 views
Main News