ප්‍රශ්න පත්‍ර පිට කළැයි ගුවන්සේවා අධිකාරියෙන් දොට්ට දැමූ නිලධාරියා නඩු දමයි..!

January 31, 2017 at 8:40 am | lanka C news
ප්‍රශ්න පත්‍ර පිට කළැයි ගුවන්සේවා අධිකාරියෙන් දොට්ට දැමූ නිලධාරියා නඩු දමයි..!

ගුවන්සේවා අධිකාරියේ ගුවන් නියමු ප්‍රශ්න පත්‍ර මුදලට විකිණීම පසුගිය කාලයේ ඉමහත් මතබේදයට තුඩු දුන් කාරණයක් විය. එහිදී අදාළ ගැටළුව සම්බන්ධයෙන් අධිකාරී පරිපාලනය විසින් ගුවන් බලපත්‍ර අංශයේ කරුණානන්ද මල්ලිකාරච්චි නැමැත්තාට වරද සෘජුවම එල්ල කළ අතර කාලයක් තිස්සේ විභාග කර අවසානයේ අදාළ නිලධාරියා රැකියාවෙන් ඉවත් කරන ලදි.

එම නිලධාරියා දරන ලද්දේ ආයතනයේ ආධුනික විධායක තනතුරක් වූ අතර ඊට ඉහළින් ප්‍රවීණ විධායක නිලධාරීන් රැසක් විය. නමුත් නඩු විභාග කිරීම හේතුවෙන් වැරදිකරු බවට පත්ව ඇත්තේ පහළම නිලධාරියායි. කරුණානන්ද මහතාගේ අදහසට අනුව එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වන් පරීක්ෂණයකි. ගුවන්සේවා අධිකාරිය විසින් කරන ලද පරීක්ෂණ වලදී අදාළ නිලධාරියා විසින් මේ හා සම්බන්ධ අනෙකුත් සියලු නිලධාරීන් පිළිබඳ තොරතුරු සාක්ෂි සහිතව හෙළි කළද අවසානයේ ගෙදර යන්නවී ඇත්තේ ඔහුටමය.

මේ තීරණය හේතුවෙන් බලවත් කණගාටුවට පත්ව ඇති කරුණානන්ද මහතා යුක්තිය බලාපොරොත්තුවෙන් නඩුවක් ගොනුකර තිබේ. එහි ප්‍රථම නඩුවාරය පසුගිය ජනවාරි 02දා කැඳවුවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ කිසිවකු හෝ එයට සහභාගී වී නොමැත.

තවද ගුවන්සේවා අධිකාරියේ ඉහළ පරිපාලනයට විරුද්දධව හිටපු මිහින් ලංකා කපිතාන් චාර්ල්ස් සිරිමාන්න සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු නිලධාරී සඳරුවන් සේතුංග යන නිලධාරීන්ද මානව හිමිකම් කඩවීම් පිළබඳව නඩු පවරා ඇත.

– හේෂාන්

2 views
Main News