ප්‍රසම්පාදන කමිටුවේ රාජ්‍ය සේවක සාමාජිකයින් 4 දෙනාටම අධිකරණයේ නඩු පවරයි..

July 15, 2017 at 8:02 am | lanka C news
ප්‍රසම්පාදන කමිටුවේ රාජ්‍ය සේවක සාමාජිකයින් 4 දෙනාටම අධිකරණයේ නඩු පවරයි..

2006 වර්ෂයේ භාණ්ඩ සහ වැඩ පිලිබඳ ප්‍රසම්පාදන මාර්ගෝපදේශය සංග්‍රහයට පටහැනිව කටයුතු කර ඇතයි අල්ලස් හා දූෂණ කොමිසම ශ්‍රීලංකා හස්ත කර්මාන්තය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ඇතුළු සමාජිකයින් 4 දෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නඩු පැවරීය.

චෝදනා 5 කින් යුක්තව අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දූෂණය නම් වරද සිදුකලැයි,
(අ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටීන,
(ආ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරි ඇති යම් ක්‍රියාවක් ඉටුකිරීමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට, වෙනත් රජයේ යම් සේවකයකු පොළඹවන,
(ඇ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර තමාට දැන ගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන,
(ඈ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමේලා සහභාගි වෙන,
(ඉ) රජයේ සේවකයකු වශයෙන් වු ස්වකීය ධූරය කෙලින් ම හෝ අන්‍යකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටු කිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් තැනත්තෙකු පොළඹවන.
යන ඉහත චෝදනා පහකින් යුක්තව ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයින් සිටි රජයේ සේවකයින් 4 දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත.

පසුගිය දා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදි නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය අයත් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය විසින් පසුගිය රජය සමයේදි සිදු වූ වංචා හා දූෂණය සම්බන්ධව කඩිනමින් දඩුවම් කිරීමට අපොහොසත් වන බව පවසමින් කඩිනම් ප්‍රතිඵල පෙන්වීමට එම ආයතනයන් ජනාධිපතිවරයා වෙත මාස තුනක කාලයකට පවරන ලෙස අදාළ අංශවල දැනුම් දීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් විමර්ශනය සිදු කොට ඇති මහා බරපතළ වංචා සම්බන්ධව නඩු පැවරීමට උත්සුක වූ බවක් දැකගත හැකිය.

එහෙත් නිතිපති දෙපාර්තමේන්තුවේ මේ වනවිට දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සිදු වූ නඩු ලමා අපචාර හා ස්ත්‍රී දූෂණ නඩු 17800 ක් වසර ගණනාවක්ම පුරා ගොඩගැසි ඇති බවත් එයින් පිඩාවට පත් පාර්ශවයන් මේ වනවිට දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත් වාර්තා වේ.

33 views

2 Comments to “ප්‍රසම්පාදන කමිටුවේ රාජ්‍ය සේවක සාමාජිකයින් 4 දෙනාටම අධිකරණයේ නඩු පවරයි..”

  1. Nuwan says:

    නියමයි…..ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහත්තයත් වැඩ අල්ලල තියෙන්නේ…හැබැයි වික්‍රමසිංහ නෝන..නාමල් රාජපක්ෂට දාපු කොමිසමට අපහාස නඩුව නම් අයින් කරගන්න එපා….

  2. Saman says:

    What about Arun Mahaderan of Central Bank?. All Tamils are free from very charges ?
    that is law of justice by new UNP law minister? .

Main News