ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක පාසැලේ Pre-Shoot… ආදි සිසු සංගමය-දෙමාපියන් විරෝධයේ..

September 25, 2020 at 2:10 pm | lanka C news
ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක පාසැලේ Pre-Shoot… ආදි සිසු සංගමය-දෙමාපියන් විරෝධයේ..

මාතර හක්මන ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක තම විවාහ මංගල උත්සවයට පෙර පින්තූර ගැනීමට එම පාසල යොදාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් එම පාසලේ ආදි සිසු සංගමය හා දෙමාපියන් දැඩි විරෝධය පළ කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලිකර බව එම විදුහලේ ආදි සිසු සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

අදාළ ගුරුවරයා එම පින්තූර තම සමාජ ජාල ගිණුම් ඔස්සේ මුදාහැර තිබීමත් සමග මෙම විරෝධය ඇතිවී තිබේ.

54,111 views

9 Comments to “ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා ගුරුවරියක පාසැලේ Pre-Shoot… ආදි සිසු සංගමය-දෙමාපියන් විරෝධයේ..”

  1. DD says:

    මොකක්ද ඉතින් ඒකෙ තියෙන ප්‍රශ්නෙ? පාසලක් කියන්නෙ රහසිගත තැනක් නෙවෙයිනේ. ලංකාවෙ තාම තියෙන්නෙ ගල් යුගයේ සංකල්ප .

  2. සිරිවර්ධන says:

    යකෝ… මේ රටේ අපරාධ වෙනවා, – මිනිමරුවෝ පාර්ලිමේන්තු යනවා…!!! මේ අහිංසක කෙල්ලයි කොල්ලයි කරපු වැරැද්ද මොකක්ද – මෙව්වද රටේ ප්‍රශ්න? – තුං විතරක්!

    • පොඩි ගුරා says:

      එක ඇත්ත සිරෝ බැංකු හොරු අකමැති වෙලත් හිටියේ, එකට පුප් ගහපු ඇමතිවරු සහ මන්ත්රිනියන් එකම ගව ගාලේ එකට හිටියේ, රටේම තියන කෙප්ප ගගහ හොර බෙහෙත් විකුණලා රජ වරු වගේ හිටපු උනුත් හිටියේ, රතු අලිය අරලිය ගහ ගෙදර ඉදන් නඩු දාන්න උපදෙස් දුන්නේ, පුප් ගොන්ජ නඩු කාරයන්ට වැරදි නොකරපු මිනිස්සු හිරේ යවන හැටි ගැන උපදෙස් දුන්නේ, කොන කපපු එකෙක් විල්පත්තු වෙන් බාගයක්ම විනාස කලේ ඒ මදිවට ගෝලයෝ දාල අහිංසක මිනිස්සු 350 ක් දේවස්ථාන ඇතුලෙම මරල දැම්මේ, එත් උන්ටත් චන්දෙ දුන්න උන්ට තමයි මේවා වැරදි වගේ පෙන්නේ.

  3. අබරන් ආතා says:

    ඉක්මන් කොරල ප්‍රී හනිමුන් ශුට් එකත් දැම්මනම් හොඳයි. අපිත් ආසයි ඉස්කෝලේ සර් මිස්ව වඩාගෙන ඉන්න හැටි බලන්න

  4. Love nature says:

    කුමටද කා බී නීති සැරසෙන්නේ.

    කොතනද මේ කය ඇරගෙන යන්නේ.

    ඇම සඳ නොමැළිව පින් කැර ගන්නේ.

    එමවද බව සයුරෙන් ගොඩ ලන්නේ.

  5. Love nature says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ.

    සැපයක් යයි කකුළුවා දිය කෙළියේ.

    එපමණ තොප සිතතොත් නොහැකිළියේ.

    සැපයක් නම් නැත කම් නැත කම්රස කෙළියේ.

    • අනුර says:

      ‘සැපයක් නම් නැත කම් නැත කම්රස කෙළියේ.” සැපේ කරගන්ඩ පුළුවන් එකා දන්නවා බන් නියමට සැප ගන්න හැටි. බැරි එකාට කොහොමත් බැහැ තමයි.

  6. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    පාසල තුල ළමයින්ට පෙම් කිරීම තහනම් කරලා ගුරුවරු පෙම් කරන පින්තුර අරගෙන ප්‍රසිද්ධ කිරීම තුලයි ඔය ප්‍රශ්ණය එන්න ඇත්තේ.

  7. මර්වින් සිල්වා says:

    මෙි විදුහල්පතිට පිස්සු. ඉතිං රෙදි ඇඳගෙන Pre Shooting කළාම මොකද වෙන්නෙ? ඒකෙ කිසිම වරදක්නෑ. කිසිම අසභ්‍ය දෙයක් වෙලා නෑනෙ. ගුරැවරැ කරන ළමා අපචාර ගැන හොයා බලපියවි.
    මෙි අහිංසක පෙමිවතුන් දෙදෙනාට අපහාස නොකර හිටපියවි.