ප්‍රහාරයේ අරමුණ හෙළිවේ…. ලංකාවට බලගතු යුද කඳවුරක්‌… සේද මාවත ගැන නේටෝ ඇහැගහගෙන!

May 12, 2019 at 10:32 pm | lanka C news
ප්‍රහාරයේ අරමුණ හෙළිවේ…. ලංකාවට බලගතු යුද කඳවුරක්‌… සේද මාවත ගැන නේටෝ ඇහැගහගෙන!

පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයින් එල්ල කර තවුහිද් ජමාත් නමැති මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානය අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ සහායෙන් සිදු කළ ප‍්‍රහාරයක් ලෙස මේ වන විට මත පැතිරෙමින් පවතී.

පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක‍්‍රයිස්ට් චර්ච් ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස මෙය එල්ල වූ බවය. ඉන් පසු අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදී නායකයා යැයි කියා ගන්නා අබුබකර් බැග්දාදි මීට දින කිහිපයකට පෙර තත්ත්පර 40 ක වීඩියෝවක් මගින් පැවසුවේ සිරියාවේ සහ ඉරාකයේ දී තම සංවිධානය පරාජය වීමට පළිගැනීමක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රහාරය එල්ල කළ බවය.

මෙම ප‍්‍රහාරයේ වගකීම බාර ගැනීමට සහ ඊට හේතු දැක්වීමට ඉදිරිපත් වන මොවුන්ගේ අරමුණ තම පරාජයන් සඟවා ගැනීමටය. එසේම අපි තවමත් බලවත් යැයි පවසා ලෝක අවධානය තමන් වෙත දිනා ගැනීමටය.

එහෙත් ශ‍්‍රී ලංකාවට අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ප‍්‍රහාරය මේ කිසිවක් නොව නේටෝ සංවිධානයේ (The North Atlantic Treaty Organization) මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමෙරිකානු උපක‍්‍රමයක් බව පීටර් කොයිනිග් නමැති දේශපාලන සහ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විචාරකයා සඳහන් කරයි.

උතුරු ඇමරිකානු සහ බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 29 කින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ යටි අරමුණ වී ඇත්තේ ඇමරිකානු කඳවුරු තමුනට අවශ්‍ය රටවල ස්ථාපනය කිරීමය.

ඒ සඳහා ඔවුන් යොදාගන්නා උපක‍්‍රමය වන්නේ යම් රටක් අනාරක්‍ෂිත තත්ත්වයට පත්කර එම රටේ ආරක්‍ෂාවට සහාය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳගැනීම බව මෙම ලේඛකයා පවසයි.

ශ‍්‍රී ලංකාවේ නේටෝ කඳවුරක් පිහිටුවීමට අවශ්‍යය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත්වෙමින් සිටින චීනයේ සේද මාවත ගමන් කරන ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ඇති බැවිනි.

ඒ අනුව ඇමෙරිකාවට ශ‍්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කර ගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් යොදාගෙන ප‍්‍රහාර එල්ල කර එම ප‍්‍රහාර මැඬපැවැත්වීම සඳහා සහාය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සෞදි අරාබියේ පිහිටුවූ බවය.

ලෝක සාමය ගැන කතා කරන ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැඟීසිටීම හමුවේ සිටින්නේ දැඩි බියකි.

චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත‍්‍රත්වය, ප‍්‍රවාහනය, වෙළෙඳාම, සංස්කෘතික සබඳතා. පර්යේෂණ ආදී කටයුතු වැඩිදියුණු වේ.

මෙය ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයකි.

මේ සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ චීන ජනාධිපති සී ජින් පින් ජාතීන් 120 ක් සමග අත්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම බවය.

මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට අධික ආයෝජනයක් සිදු වේ.

මෙය ඇමරිකාව ප‍්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවලට හිතකර තත්ත්වයක් නොවේ.

එබැවින් ආසියාවේ සිය කඳවුරක් පිහිටුවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවලට දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ. ඒ සඳහා හොඳම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ශ‍්‍රී ලංකාවය.

ශ‍්‍රී ලංකාව තුළ නේටෝ සංවිධානයේ කඳවුරක් පිහිටුවීමට නම් රට තුළ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී තර්ජන තිබිය යුතුය.

ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව අයි එස් ත‍්‍රස්තවාදීන් බව ඇමෙරිකාව හඳුනාගෙන ඇත.

සෞදි අරාබිය තුළ නේටෝ සංවිධානයේ කඳවුරු ස්ථාපිත කර ඇත්තේ අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ පිහිටෙනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ ද අයිඑස් ත‍්‍රස්තවාදී තර්ජන ඇති බවට මත පතුරුවා ශ‍්‍රී ලංකාවේ නේටෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටුවීම තුළින් චීනය ප‍්‍රමුඛ ආසියාවේ නැගීසිටීම නිරීක්‍ෂණය කළ හැකි බව ද මෙම ලේඛකයා සඳහන් කරයි. ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30 ක අත්දැකීම් සහිත පීටර් කොයිනිග් ආර්ථික විශ්ලේෂකයෙක් මෙන්ම ලෝක දේශපාලනය පිළිබඳ නිරීක්‍ෂකයෙකි.

ඔහු සිය අත්දැකීම් මත අනාවරණය කර ඇති මෙම තොරතුරු පිළිබඳව ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ දැඩි අවදානයට යොමුවිය යුතුය.

මන්ද යත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආසියාවේ සහ වාමාංශික දේශපාලනයේ නැගී සිටීමට දක්වන්නේ දැඩි භීතියකි.

– divaina

120,547 Viewers

28 Comments to “ප්‍රහාරයේ අරමුණ හෙළිවේ…. ලංකාවට බලගතු යුද කඳවුරක්‌… සේද මාවත ගැන නේටෝ ඇහැගහගෙන!”

  1. මලකෝලන් says:

    රනිල් මැතිතුමා ගෝලීය නායකයන්ට ආරාධනා කරලත් ඉවරයි….

    • දේවක says:

      ලංකාවේ නායකත්වයට ඇමරිකාව ගෝටා මැතිතුමාව තෝරා ගන්නේ ඔය හේතුව නිසයි.

    • Nilu-uSA says:

      it sounds like Islamic fundamentalist Militant paid Divaina newspapers to write this story. That way, Islamic fundamentalists can be cleaned. i request police to investigate Divaina editor and the editor of this letter.

      • කොකා says:

        ඉන්වෙස්ටිගේට් කොරගනින් උඹේ මෙව්වා එක. සුද්දගේ -ක සෝදන්න ගිය උඹලට නොතේරුනාට ඕක තමයි ඇත්ත කතාව.

  2. Gunaratne says:

    dont worry. Wimale will protect Sri Lanka. hik hik….

    • sky says:

      Why not ,Wimal is a great Sinhalese leader He can protect our Motherland BUT all sinhalese folks must get together and support him ….We are lions .We can protect our Motherland
      ONLY problem is Yahapalana leaders and traitor party UNP ,JVP ,TNA still in power ..send them all to hell

  3. Makka says:

    හ්ම්ම්…… ඒ කියන්නේ ගෝටභය ඇමෙරිකන් ඉත්තෙක් කියලද?

  4. Kandy says:

    රටක් ආක්‍රමණය කරනවාටත් වඩා අවසනාවන්ත දෙයක් රටක්ම ගොනාට ඇන්දවීම.
    ඇමරිකාවෙන් $ මිලියන 480ක් දෙනවලු යුද්දේ කරගෙන යන්න.China හා USA මහා trade war එකක් පටන් අරගෙන … රටක් අස්තාවර කර චීන ආයෝජන පලවා හැරීම වෙළදාමෙන් වෙළද යුද්දය දිනනවාට වඩා පහසුයි ..ඩොලර් මිලියන 480ක ආයෝජනයෙන් බිලියන ගනනක ආයෝජන නවතා දැමීම….මේ අනුව ප්‍රහාරයේ මූලික ඉලක්කය වූයේ චීන මධ්‍යස්තානක් වූ ශ්‍රැන් -ග්‍රිලා එකද? අනෙක් ප්‍රහාර හුදු නොමග යැවිම් සදහා කල ඒවාද?
    (සැ.යු : මේ Kandy පසු ගිය අප්‍රේල් 28 දින “අවසානය මෙය නොවේ” යන ප්‍රවෘතියට පල කල කමෙන්ට් එකයි)

    • Disce ammata discede says:

      Nonsense. මුස්ලිම් අන්තවාදීන් තම අත සෝදාගැනීමට තැත් කරන අතර පචවී සිටින UNP අමනයෝ ගෝඨා ට පහරදීමට තැත්කරති.

    • internationalis says:

      Yes kandy true.I red Peter Koenig’s article ” Sri Lanka – Candidate for a new NATO base ? …dated May 01 2019, more or less the same analysis.

  5. sathya says:

    Cardinal Malcolm Ranjith said the same thing

  6. LION says:

    අපේ රට ජාතිය ආගම බේරා ගන්න නම් මේ වසල රජය ඉක්මනින් පන්නා දැමිය යුතුය අපේ හමුදාවට ජය පතමු

  7. LION says:

    බයවෙන්න දෙයක් නැහැ රුසියාව චීනය අපේ පැත්තේ අපේ රටට කිට්ටු ඉන්න මිතුරෝ සැම විටම අප සමගයි

  8. john the baptice says:

    තවමත් වියට්නාමෙන් පාඩමක් ඉගන ගත්තේ නැති පාටයි

  9. Dalit says:

    It is India and Indian imperialism and colonialism. The timing is Indian elections. India is building a Kovil in Saudi Arabia. These left wing idiots have no idea of what India is up to or are on the pay roll of India.

  10. හිටන්ගෙදර අප්පුහාමි says:

    සම්පුර්ණ ඇත්ත. විශාල භට පිරිසක් සමග ඇමෙරිකානු යුධ නැවක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉන්නේ ඕකට තමයි. මෙහෙන් කොළ එලිය ලැබුණු ගමන් ගොඩ බහින්න.

    • උකුස්සා says:

      සිරා බටලන්දේ සමග ජයට මගුල් කන්නේ ඒ නිසයි

  11. Parakum says:

    This is all BUNKUM. US has a huge base in indian ocean DIGOGARCIA.

    • Disce ammata discede says:

      ලංකාවේ ඉන්න ලිං මැඩි යන් ඒව දන්නේ නෑ.පූර්ණ ඇමෙරිකන් කඳවුරක් වන දියාගෝගාසියා තියෙන්නේ මාලදිවයින් වල පහල කියා හීනෙන්වත් හිතල නැතුව ඇති.
      මේවෙන්නේ මුස්ලිම් අන්තවාදීන් තම අත සෝදාගැනීමට තැත් කරන අතර පචවී සිටින UNP අමනයන් ගෝඨා ට පහරදීමට තැත්කිරීම​. ඔය කීයන විශේෂඥයා IS එකෙන් සල්ලි ගෙවා කුලියට ගත් එකෙක් වෙන්න පුලුවන්.

  12. Sadda says:

    සම සභාපතිලත් සූදානම් කරල ඇති.

  13. අනාවැකිය says:

    ඇමෙරිකාව අප්‍රේල් 21 ආරම්භ කල කුමන්ත්‍රණයේ ඊලග අදියර දිගටම ගින්දර අවුලවා තැබීමයි…මේ පිරස මේ කරන්නේ එයයි.
    බටහිර සූක්ෂමව රට තුල පිලියල කර ඇති මුස්ලම් හා සිංහල රහස් සංවිධාන හා බලවේග දැන් කරලියට පැමින ජනජීවිතය අවුල් කරන්නට අර අදිමින් සිටී….ඒ නේටෝ හමුදාවකට ලංකාවට බැසීම සදාරණීකරනය කල හැකි තත්වයක් සැකසීමටයි.මේ සදහා වැඩ කරන බටහර ඔත්තුකරැවන් ආරක්ෂක අංශ තුලටද රිංගවා ඇත.ජනතාවට ජීවත් වීමට අවශ්‍ය නම් මේ වැඩපිලිවෙල පරාද කර විනාෂ කල යුතුව ඇත.සටනට පෙර අභ්‍යනතර හා බාහිර සතුරන් හදුනා ගන්න

    • Sun says:

      You are very correct . People in power also know that and that is their goal of politics. They are trained to do that. They say they are working for people . Our thinkers and freedom fights have to tune their heads and tackle this critical situation my friend. Wisdom is to see the world beyond using stupidity of this happenings.

  14. Sun says:

    Dear friends it has been happening round the world where Americans want to get in. Our politicians keeping blind eye policy for such happenings thinking that is the development.Poor knowledge world politics they know nothing thinking Americans are the highly developed but we know they are boiling with inner unhappiness. Happiness is not building big shopping complexes or houses. That is in our minds after calming down the greedy interests.

  15. Sun says:

    Dear friends it has been happening round the world where Americans want to get in. Our politicians keeping blind eye policy for such happenings thinking that is the development.Poor knowledge world politics they know nothing beyond and thinking Americans are the highly developed nation. But we know they are boiling with inner unhappiness. Happiness is not building big shopping complexes or houses. That is in our minds after calming down the greedy interests.

    • හින්බබා says:

      තවත් ඉරාකයක් සිරියාවක් වුනදාට අපේ මෝඩ ජනතාවට තේරෙයි ..දැන්වත් ඇස් ඇරපියව් ….තායිලන්තේ කාන්තාවන්ට සිදු වී ඇති දේ බලව් උන් ලෝකයේ ප්‍රසිද්ධ ගණිකාවෝ වෙලා

  16. kandy nayana says:

    හිතිපිත් නැති පාලකයන් මහජනතාවට”ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ” බියටපත් ජනතාවගේ ආර්ථකයටද ඇදවැටියන ලෙස තකතීරු තීරණ ගනී

  17. හිට්ටා කියයි says:

    හිතිපිත් නැති පාලකයන් මහජනතාවට”ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ” බියටපත් ජනතාවගේ ආර්ථකයටද ඇදවැටියන ලෙස තකතීරු තීරණ ගනී

Main News