ප්‍රහාරාත්මක අකුණුසැර පතිත විමේ අවධානමක්…

October 22, 2021 at 4:40 pm | lanka C news
ප්‍රහාරාත්මක අකුණුසැර පතිත විමේ අවධානමක්…

ඉදිරි පැය 36 තුල නුවරඑලිය දිස්ත්‍රික්කයට ප්‍රහාරත්මක අකුණුසැර පතිත විමේ අවධානමක් ඇති බවට කාලගුණ දෙපාර්තුමේන්තුව මගින් රතු නිවේදන නිකුත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

මාධ්‍යයට (22) දින විශේෂ ප්‍රකාශයක් කරමින් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ අකුණුසැර වලින් වැලකි සිටිමට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිලිපදින ලෙසයි.

ගත වු පැය කිහිපය තුල නුවරඑලිය දිස්ත්‍රික්කයට අකුණුසැර කිහිපයක් පතිත වුවද ඉන් කිසිවෙකුට හෝ දේපල කිසිවකට හානි සිදු වි නොමැති බවද රංජිත් අලහකොන් මහතා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,410 views

4 Comments to “ප්‍රහාරාත්මක අකුණුසැර පතිත විමේ අවධානමක්…”

  1. rasika says:

    ඩඩ්ලිගේ අරලිය බවන නුවර එළිය කරපු නුවර එළියේ අහිංසක මිනිසුන්ගේ රජයෙන් දීපු ඉඩම් මංකොල්ල කාපු දොඩම්පේලාට හෙණ හතක්ම වැදියන්

  2. Satan says:

    If it come to Diyawannawa the place where corrupt crowd gather is highly welcome

  3. බලාගෙන. ඔය පොහොර මැහිතෙල් ඉල්ලගෙන මිනී මරන්ට කෑගහන උන් එලියට එහෙම යන්න එපා. බඩු ෂුවර්. දෙයියෝ තවම ඉන්නවා.

    • Joy says:

      සදුන් දිවියන්ට උගුල් අටවා ඔවුන් මරණ තේවතු දමිලයින් ට ස්වභාව දර්මයෙන් දඩුවම් දීම පටන් අරන් …

Main News