ප්‍රාදේශිය-නගර සබා අකර්මණ්‍ය කිරීමෙන් රට පුරාම කුණු පිරිලා.. කුණු ටිකවත් අදින් බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න..- උඩුවේ හිමි
June 17, 2017 at 8:40 am | lanka C news
අද රටේ උග්‍රව ඇති කුණු කසල ප්රශ්නය රජයේ මැති ඇමතිවරුන් විසින් එකා පිට එකා පටවමින් ඇග බේරාගැනීමට උත්සහ ගනි.
කොළඹ නගරයේ සෑම තැනකම කැලි කසල එකතුවී විශාල දුර්ගන්ධයක් හමන අතර තට්ටු නිවාස අසල බොන ජලයට පවා අපද්‍රව්‍ය මුසු වී ඇති බවට ජනතාව චෝදනා කරයි.
මෙයට හේතු ලෙස පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසන්නේ රටේ ප්‍රදේශිය සභා නගර සභා අකර්මණ්‍ය කොට එහි සිටි ජනතාවට සේවය කල හැකි පක්ෂ විපක්ෂ ජව සම්පන්න නායකයින් එලවා දැමීම මෙයට ප්‍රධාන හේතුව බවයි.
අඩුම ගනනේ කුණු කසලවත් කලමණාකරනය කර ගන්න බැරි මේ රජය වහාම ඉල්ලා අසවි ගෙදර යායුතු බව උන්වහන්සේ ප්‍රකාශ කලහ.
වීඩියෝව මෙතනින්