ප්රාදේශීය ලෙකම් කාර්යාලයෙන් බෝම්බ මතුවෙයි.. කොටි නිශ්පාදිත ඒවා යයි සැක..
May 3, 2018 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් හමු වූ අමුතු ආකාරයේ බෝම්බ යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද එවා බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු කියා සිටියහ.
යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදත තමිලන් ගුණ්ඩු නැමති අත්බොම්බ විශේෂයට සමාන බෝම්බ දෙකක් කණ්ඩාවලෙයි ප්රාදේශීය ලෙකම් කාර්යාල භූමියේ වලදමා තිබියදී පසුගිය 28 වනදා නිලධාරියෙකු දැක ඒ බව පොලීසිය දැනුම් දීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පැමිණී අදාල බෝමබ දෙක නිශ්ක්රීය කිරීමට පියවර ගන්නා ලදි.
කොටි සංවිධානය විසින් යුද සමයේදී අදාල බෝම්බ සාදා ආරක්ෂක අංශ වෙතට මර උගුල් ඇටවීම සඳහා යොදා ගන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සැක පල කර සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ