ප්‍රීමා පිටි මිල ඉහළ දැමීම අනීතිකයි… වැඩි මිලට මිලදී ගැනීමෙන් වළකින්න…

September 3, 2021 at 6:20 pm | lanka C news
ප්‍රීමා පිටි මිල ඉහළ දැමීම අනීතිකයි… වැඩි මිලට මිලදී ගැනීමෙන් වළකින්න…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ  දැමීම  අනීතිකයි වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කල අතර එම නිවේදනය නීති  විරෝධි නිවේදනයක් බව අප සංවිධානය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 20(5) වන වගන්තිය යටතේ තිරිගු පිටි සදහා මිල වැඩිකිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයක් ලබා ගතයුතුය. ඒ බව දැනුම්දෙමින් 2016 ජූලි 14  වන දින  අංක 1975/68 යටතේ අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත්කොට ඇත. මේ වන විටත් පාරිභෝගික කටයුතු අධිකාරිය තිරිගු පිටි මිල වැඩි කිරීම සදහා ප්‍රීමා ආයතනවයට නිසි අවසරයක් ලබා දී නොමැත. එසේ තිබියදී තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධිවේ.

එබැවින් සියලුම පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීම  සිදු නොකරන ලෙසයි. යම්කිසි වෙළෙන්දෙක් තිරිගුපිටි වැඩි මිලට අලෙවි කරන්නේනම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ අංක 1977 අංකයට පැමිණිලි කරන ලෙස සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මීට ඉහත අවස්ථා කිහිපයකදී උක්ත සමාගම විසින් අනීතික ලෙස තිරිගු පිටි මිල වැඩි කිරීමට කටයුතු කලද පාරිභෝගික අධිකාරියේ බලපෑම මත එම මිල වැඩි කිරීම අවලංගු කරන ලදී.  එබැවින් පාරිභෝගික කටයුතු අධිකාරියද තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුය.

තිරිගුපිටි කිලෝ එකක්  විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87.00 කි

මීට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

13,176 views

10 Comments to “ප්‍රීමා පිටි මිල ඉහළ දැමීම අනීතිකයි… වැඩි මිලට මිලදී ගැනීමෙන් වළකින්න…”

  1. 3% ට බය බයියා. says:

    ජනතාවට කන්න බොන්න දෙන්න බැරි විරුවා .

    • sumudu says:

      මේකෙන් වැටහෙන්නේ බහුජාතික සමාගම් මිටි පිටින් 3% ට ගෙවන්නේ ඇ යි කියලා

  2. Asoka says:

    ඔව් තව ටික දවසක් යනකොට බදු මිල වැඩි නිසා හාමතේ ඉන්න කියයි

  3. රිවර්ස් විරුවා හොඳටම ඇරියා says:

    ඕන් අපේ හැල යක්කු පූත්තු නී පූට්ටු බයියෙනි ඔබේ කලාර්ස් පෙන්නීමට අවස්ථාවක් උදා වී ඇත. හෙට සිට සියලු මුඩු බිම් වනාන්තර එළි පෙහෙළි කර පටන් ගමු තිරිඟු වගා කරන්න. ඒ කරලා පෙන්නමු අපේ ලේ වල තියන හයිය මේ විදේශික පිටි සමාගම් වලට.
    සෑ යු: අතිරේක භෝගයක් ලෙස අතරින් පතර කංසා වාවා අමතර ආදායමක් ද ලබා ගත හැක.

  4. සවාධීන says:

    කරුණාකර අපි පිටි භාවිතය අඩු කර ගමේ අල බතල මඤ්ඤොක්කා වලට හුරු වෙමු.
    ඵතකොට මුන් බලාපොරොත්තු වන ලාභය ගිලිහී යයි.

  5. Jagath Silva says:

    Long Live Mao.,

  6. naren says:

    ආනයන වෙලදාම සම්පූර්න එකාදිකාරිය මුස්ලිමුන්ට. ඔවුන් මෙච්චර බලවත් ජාතියක් උනේ සිංහල දෙසපාලකයන්ගෙ රෙද්ද අස්සේ රිංගගෙන ඉන්න නිසා.

  7. Jagath Silva says:

    Long live MAo, and the gang of four

  8. Piti Makuna says:

    At the beginig of every price increase is illegal similar to gas, sugar, rice etc …but within couple of days the ministry will increse the prices par with the increased prices. That is the pathetic situation in the country and ultimately the poor people has to suffer.

  9. Lanka Sinha says:

    These are the consequences of selling national properties to foreigners. Telecom, Flour Milling, Insurance,
    sections of Electricity Board, Petroleum Corporation and many other institutions were sold by traitors of the nation during their regimes and now their supporters talk thru their assholes.

Main News