ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..

October 27, 2019 at 10:00 am | lanka C news
ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..

පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කරලා. විවාදයන් තිබෙන්නේ සමානයන් අතරයි. ඒ නිසා මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කරමු.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුළු ලෝකයම පරාජය කරන්න බෑ කිව්ව ලොව ප්‍රබලම ත්‍රස්තවාදය ඉතාම සූක්ෂම සැලැස්මකින් පරාජය කරලා ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සම්මානිය ආචාර්ය උපාධියක් දිනා ගත් අයෙක්. ඒ වගේම පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් දිනා ගත් අයෙක්. සිංගප්පූරුවේ සහ චීනයේ විශ්ව විද්‍යාලවල ආරාධනයෙන් නාගරික සංවර්ධනය සහ ආරක්ෂක සැලසුම් පිළිබඳ පර්යේෂකයෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ඉංජිනේරුවන් වැනි විද්වතුන් එක් වී ලංකා ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම විද්වතුන්ගේ සංවිධානය වියත් මගයි. ඒ වියතුන් තමන්ගේ නායකයා ලෙස තෝරා ගත්තේ ගෝඨාභය මැතිතුමායි. ඒ අනුව ගෝඨාභය මැතිතුමා කියන්නේ ලංකාවේ වියතුන් මැද මහ වියතාණන් කෙනෙක්.

සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ කවුද? ජනපතිවරණ ඉතිහාසයේ බිහි වුණු කවටම අපේක්ෂකයා. බොලඳ කතා හිස් වදන් මිස වැදගත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අසමත් වුණු එකම අපේක්ෂකයා. එතුමාට පුළුවන් රෑට රෑට හොරෙන් ගෙදරට එබිලා සතුටින් ද බලන්නම් වැනි හිස් පොරොන්දු දෙන්න විතරයි.

සජිත් ප්‍රේමදාස මැතිතුමා සියළු දෙනා පරදලා දැන් පෙරමුණේ කියලා මෑතක දී ජෝන් අමරතුංග ඇමතිතුමා කිව්වා. මමත් කලබල වෙලා බැලුවා මේ කතාව මොකද්ද කියලා. බැලින්නම් කතාව ඇත්ත. එඩී ජයමාන්න, දොං සිරිසේන, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු, ප්‍රෙඩී සිල්වා සිට බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ දක්වා ලංකා ඉතිහාසයේ සිටි සියළුම කවටයින් පරදා සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරමුණට ඇවිත් තිබෙන බවයි ජෝන් ඇමතිතුමා කියා ඇත්තේ.

මෙවැනි විහිළුකාරයෙකු සමග විවාදයට ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි සුවිෂේශී බුද්ධිමතෙක් වියතෙක් යැවීමේ හැකියාව තියෙනවද?. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර හතර පුරාවටම වියත්මග සහ එළිය සංවිධාන හරහා මේ රටේ බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදුනු චරිතයක්. එවැනි කෙනෙක්ව සජිත් ප්‍රේමදාස මහතා වැනි අධ්‍යාපණයක් නැති ප්‍රතිපත්තියක් නැති හිස්වදන් පවසන අයෙක් සමග විවාදයට යවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න අපි ඉඩ තබන්නේ නෑ.

මේ පිළිබඳ පංචතන්ත්‍රයේ අපූරු කතාවක් තිබෙනවා. දිනක් අසූචි වලක බැහැපු ඌරෙක් සිංහයාට තමන් සමග සටනට එන මෙන් අභියෝග කළාලු. එක පැත්තකින් ඌරා සමග සිංහයාට මොන සටනක් ද? අනිත් පැත්තෙන් අසූචි වලට බැහැලා අසූචි තවරා ගන්න සිංහයාට උවමනාවකුත් නෑ. ඒ නිසා “ඌරෝ මට සටන් ඕනෑ නෑ. උඹම දිනුම තියා ගනින්” කියලා සිංහයා යන්න ගියාලු. අපට සජිත් මැතිතුමාට කියන්න තිබෙන්නෙත් ඒ කතාව තමයි.

– අරවින්ද අතුකෝරල

57 views

16 Comments to “ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..”

  1. ක්‍රිමිනල් says:

    අපි ඉන්නේ 2019 , මෙගොල්ලො තාම ඉන්නේ හොමේ හැබිල්ස් තරම් මස්තිෂ්කය වර්ධනය නොවූ අන්ත ප්‍රාග් ඓතිහාසික යුගයක.හැබැයි ,කතාව , නුතන ,නවීන “මොඩල” ගැන , ගොඨාභය මහත්තයා ඇමෙරිකාණුවෙක් විදියට දන්නවා ඇමෙරිකාවේ ප්‍රධාන පක්ශ දෙකේ අපේක්ශකයන් මුහුණට මුහුන කරන විවාද , යුරෝපා කරයෙත් එහෙමයි. හැබැයි , පොර ටෝක් දුන්නට විවාදයකට ඇවිල්ලා තමන්ගේ මතවාදය ඉදිරිපත් කරන්න බෑ , ඇබරෙනවා. කබ්බො දම්මලා සම්ප්‍රප්ප්‍රලාප දොඩලා , හිනීයට ලිස්සලා යනවා !

    • Plato says:

      Get your leader Sajith to first answer the questions posed by Vasantha Senanayake, your own party member, before challenging Gotabaya for a debate. Are you prepared to undertake the task?

      Remove your colour lenses and understand the reality.

      Physician heal thyself first!

      • ක්‍රිමිනල් says:

        Wasantha Senanayake isnt a presidential candidate , There should be a brain storm of a debate amongst the top three candidate atleast to rectify the notions and ideas that they underline in their manifesto’s . Common public and masses have been requesting and looking forward for such event but if GOTA is unwilling to come public and demonstrate his vision out of the cube , Oh well that’s his choice .

        • Plato says:

          Brain storming and debating are totally two different things!

          If Sajith cannot answer questions posed by his own colleagues, then how can he answer the questions asked by his opponents?

          Let alone Sajith, can you answer the questions asked by Wasantha Senanayake?

          • ක්‍රිමිනල් says:

            Oh well ! Its a colletion of ideas which lead to take a better and proper decision later ,a debate opens a path to gather a list of ideas spontaneously contributed by its members and it’s better for the betterment of the country wasantha swnanayaka’s questions are well answered , await till general election. Simple as that.

    • Pal says:

      Criminal.

      You look to be a paid commentator..
      Ok guy .. carry on with your duty till 16 th November.

      We will be with Gota and he will get more than 7 millions of votes.

      All patriotic people, mostly the new voters will vote for Gota.

    • කිරිමෙල් says:

      කරුණාකර අැමෙරිකාවවත් යුරෝපයවත් ගැන නොදන්න අපට කියා දෙනවද ඔය කියන ‘මුහුණට මුහුණ’ විවාද මොඩල් එක මොකක්ද කියල?
      ඒවා කවුද ලෑස්ති කරන්නෙ, කවුද පහසුකම් සපයන්නෙ අාදී විස්තර.
      එහෙම නැත්නම් එහෙත් මෙහේ වගේ, පාළු ගෙයි වලන් බිඳින්නෙක් වගේ, පාරට බැහැල අභියෝග කරනවාද, ඒයි අැහුනද, වරෙන් මගෙත් එක්ක විවාදෙට කියල?

      • ක්‍රිමිනල් says:

        ඇමේරිකාවේනං මෙම වාද-විවාදයට සත්කාරය දක්වන්නේ CNN නාලිකාව සහ NY Times පුවත් පත . මෙය ලක්ශ සංක්‍යාත ජනකායක් සජීවිව නරබන අතර , සෙනෙට් වරුන් සහ ජනපති අපේක්ශකයන් එකම වේදීකාවේ තමන්ගේ මතවාද , දිවුරුම් ,පොරොන්දු වැනි දේ ජනතාව හමුවේ තබනවා , ඒ හා සමගාමීව මාධ්‍ය සහ ජනතාව අසන ප්‍රශ්ණ වලට අපේක්ශිත පිලිතුරු ලබා දෙනවා.

    • U.N.J.V.P says:

      Yako amaricawe mona pradhana pakshenda Sajiya vage pissu yakek , joker kenek , pussek , gobbayek janadhipati apekshakayek vidhiyata nam kare

  2. JOHN says:

    සජිත් මෝඩයා යනු බැටරියක් අඩංගු බැටරියකි.

  3. gamarala says:

    පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන ඉඹ බැලීමට ගොස් නහයේද ගාගනී. පිටි අත්ලෙන් නහය පිසදමා පිටි අත්ල ඇඳුමෙන් පිසදා ගනිමින් අසූචි හත්පොලේ තවරා ගනී. අද රජිත්ගේ ගේ ක්‍රියාදාමය මෙයට සාක්ෂි සපයයි.

  4. UD says:

    තවත් හොඳ ගොං කතාවක් ඕනි සජිත්.. ඔයා තමයි විහිළු ලොවේ රජා….

  5. UD says:

    තවත් හොඳ ගොං කතාවක් ඕනි සජිත්.. ඔයා තමයි විහිළු ලොවේ රජා…..

    • SPMS says:

      තවත් හොඳ ගොං කතාවක් ඕනි සජිත්.. ඔයා තමයි විහිළු ලොවේ රජා….

      Reply

  6. sw says:

    විකට නළුවන්ට අපහාස කරන්න එපා ඔවුන් තමන්ගේ රැකියාව විශිෂ්ටලෙස ඉටුකර නිසයි නම් රැදී ඇත්තේ .සජිත්ට සමකල හැකි එකෙකුට ඇත්තේ ගොන්ජා පමණයි .

  7. Sajith Do not destroy your farther’s reputation.

Main News