ප්‍රේමදාසගේ ලෝරන්ස් පොලිස් මාෆියාව හල්ලොලුව පස්සෙන් පන්නයි.. CCTV දර්ශන මෙන්න..

February 20, 2017 at 3:50 pm | lanka C news
ප්‍රේමදාසගේ ලෝරන්ස් පොලිස් මාෆියාව හල්ලොලුව පස්සෙන් පන්නයි.. CCTV දර්ශන මෙන්න..

තුසිත් හල්ලොලුව යනු වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දිවා රෑ නොබලා විශාල කාර්යය භාරයක් කල ප්‍රධාන පුද්ගලයෙකි.

ඔහු එදා මෙන් අදත් මෙම රජය ආරක්ෂා කර ගැනිමටත් එහි ඇති අඩුපාඩු බලධාරීන්ට පෙන්වා දි ඒවා නිවැරැදි කරන ලෙසත් දන්වන ක්‍රියාකරන අයෙකි.

විශේෂයෙන්ම යහපාලන රජය සමඟ තරමක් නොක්කාඩු වී සිටින මහාචාර්ය සරත් විජේසුරිය ඇතුළු සිවිල් සංවිධාන තරමක් හෝ ජනාධිපතිවරයා සමඟ බැද තබා ගැනිමටත් මොහු මේ වනවිටත් කටයුතු කරමින් සිටින පුද්ගලයෙකි.

මෑතක සිට ඔහු විසින් රටේ නායකත්වය හරහා නැගි එන පවුල්වාදය මෙන්ම සමහර දේශපාලන නායකයින් අතර සිදුවන දූෂණ සම්බන්ධව විරුද්ධව සටන් කිරීමට පටන් ගැනීම ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගේ දෝෂාරෝපණයට ලක්ව ඇත.

අවස්ථාවන් ගනනාවකදී රටේ ඉහළම පුද්ගලයින් සමග පවා වාද විවාදවල යෙදෙමින් වර්තමාන රජය රැක ගැනීමට මහත් වෙහෙසක් ගනිමින් සිටින තුසිත වැන්නන්ට නොයෙකුත් ආකාරයෙන් බියගැන්වීම් කිරීමට ආණ්ඩුවේ නිල නොවන හමුදා ක්‍රියාත්මක වන බවට සාක්ෂි ඇතිව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් විසින් පෙන්වා දී ඇත.

එකී වෙබ් අඩවිය වාර්තා කරනුයේ මෙය එදා ප්‍රේමදාසගේ භීෂණකාරී යුගයේ තිබු ලෝරන්ස්ගේ පොලිස් මාෆියාව සමාන නිල නොවන පොලිස් හමුදාවක් දැන් රට තුල ක්‍රියාත්මක වෙමින් ආණ්ඩුවට විරුද්ධ පාර්ශවයන් භීතියට පත්කොට ඔහුන් හිංසාවලට ලක් කිරිමට සුදානමක් ඇති බවයි.

මූලාශ‍්‍රය මෙතනින්

0 views

One Comment to “ප්‍රේමදාසගේ ලෝරන්ස් පොලිස් මාෆියාව හල්ලොලුව පස්සෙන් පන්නයි.. CCTV දර්ශන මෙන්න..”

  1. ජනරංජන says:

    හල්ලොලුව සහෝදරයා ඔය ආරම්භයයි. ටිකක් හදහන බලලා ප්‍රෙවේසම් වුනොත් ඇගට හොද වෙයි.

Main News