ප්‍රේම සම්බන්ධයට අකමැති වූ දෙමාපියන් බය කරන්න ගෙල කපාගත් පුද්ගලයා මිය යයි..

March 21, 2018 at 2:02 am | lanka C news
ප්‍රේම සම්බන්ධයට අකමැති වූ දෙමාපියන් බය කරන්න ගෙල කපාගත් පුද්ගලයා මිය යයි..

වව්නියාව බන්ඩාරිකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය නිවස තුලදී සියදිවි හානිකරගෙන ඇති බවට වව්නියාව පොලීසිය කියාසිටියේය.

වව්නියාව බන්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එස්.තංගරූබන් නැමති පුද්ගලයෙකු වන අතර මෙම සිය දිවි හානි කරගැනීමට හේතුව වී ඇත්තේ ප්‍රෙම සම්බන්ධයකට දෙමාපියන් විරුද්ධ වීම හේතුවෙන් බවට මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල පුද්ගලයාගේ ප්‍රේම සබඳතාවයට දෙමාපියන් විරුද්ධ වීම හේතුවෙන් දෙමාපියන් බිය වද්දා කැමති කරවාගැනීමට නිවසේ තිබූ මන්නයකින් ගෙල කපාගෙන ඇති අතර පසුව අදාල පුද්ගලයා  වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

වව්නියාව පොලීසිය අදාල සිය දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ කටයුතු අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18 views
Main News