ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

February 27, 2019 at 5:30 pm | lanka C news
ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

“බමුණුකුලයේ බිද වැටී‍‍ම” ග්‍රන්ථය රචනා කරමින් මෙරට දේශපාලන චින්තනයට ප්‍රභල බලපෑමක් කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වර්තමානයේ ජීවතුන් අතර සිටියේ නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිලිබඳව පසුගිය සිදුවීම් අලලා අනාගතයට පාඩම් ඉගෙන ගත හැකි අපූර්වතම කෘතියක් රචනා කරනු ඇති බව ද කෙසේ හෝ අවසන් මොහෙතේ දී ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම භාග්‍යයක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අප රට තුල සිදු වූ සමාජ පරිණාමය සහ දේශපාලන විකාශනය මැනවින් විදහා දැක්වෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතින් පරිශීලනය ‍කිරීමෙන් ඉතිහාස ගවේෂණයක් සිදු කළ හැකි බව ද කථානායකවරයා පැවසීය.

කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ පසුගිය සඳුදා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ පොත් 132කින් යුතු නිර්මාණ සමූහය පාර්ලිමේන්තුව වෙත පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම අවස්ථාවට මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මුණුපුරු මාලින් වික්‍රමසිංහ, පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති යන මහත්වරු ද එක් වූ අතර ග්‍රන්ථ එකතුව මාලින් වික්‍රමසිංහ මහතා අතින් කථානායකවරයා වෙත පිරිනැමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මහතා සඳහන් කළේ අදත් එවකට පැවැති ශ්‍රී ලාංකිකයාගේ ගැමි ජීවන රටාව අධ්‍යයනය කළ හැකි වටිනාම මූලාශ්‍ර සපයනුයේ මහා ගත් කරුවාණන්ගේ පොත පතින් බව සඳහන් කළේය. එතුමන් ලියූ විරාගය, කලියුගය, යුගාන්තය වැනි ග්‍රන්ථ හෙළයේ සම්භාව්‍ය සාහිත්‍යයේ පදනම විශාල පරාසයක් දක්වා පුළුල් කිරීමට සමත් වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය ඇසුරු කිරිමට සමත් වූ තමන් එම ලේඛන ‍කලාවට මෙන්ම පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලද පුද්ගලයෙකු ලොව පිළිගත් මහා ප්‍රාඥයෙකු වීමේ වික්‍රමසිංහයන්ගේ අසිරිමත් ජිවන වෘත්තාන්තයට ද බෙහෙවින් ගරු කරන්නේයැයි කථානායකවරයා සඳහන් කළේය. මානව විද්‍යාව, සමාජ විද්‍යාව,දේශපාලන විද්‍යාව, දේව ධර්ම විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ඉතා පුළුල් පරාසයක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ දෘෂ්ටිය විහිදී තිබූ බව සඳහන් කළ කථනායකවරයා හෙළයේ මහා ගත්කරුවාණන්ගේ ග්‍රන්ථ එකතුවක් පාර්ලිමේන්තු පුස්තකාලයට එක් වීම අතිශයින්ම වැදගත් වන බව ද පෙන්වා දෙමින් මෙසේ පැවසීය.

පොතපත කියවීම සාහිත්‍ය පරිශීලනය ජාතියක චින්තනය පෝෂණය කරනවා. සංයමය, විනය, රස වින්දනය, මානව දයාව ජීවිතයට එකතු කරන්නේ සාහිත්‍යයි. වර්තමාන සමාජයේ පැන නැගි ඇති අසහනකාරී මානසික තත්වයන්ට සහ මානසික පීඩනයට විසඳුම සාහිත්‍ය තුල තිබෙන බව වෛද්‍ය විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව පිළිගෙන තිබෙනවා. වෙනත් කවර විෂයකින් ඉහළටම පැමිණියත් පිරිපුන් මිනිසුන් බිහි කරන්නේ සාහිත්‍යයි. මාර්ටින් වික්‍රමසිංහයන් ඇවිදින විශ්ව විද්‍යාලයක් වගේ. විවිධ ක්ෂේත්‍ර ගැන මහා බුද්ධි සම්භාරයක් තිබූ විශිෂ්ඨයෙක්. එතුමාගේ සාහිත්‍ය නිර්මාණ එදා මෙදා තුර කුඩා දරුවන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන්ගේ සිට සියළුම බුද්ධිමතුන් දක්වා රස විඳිය හැකියි. එතුමාගේ නිර්මාණ එදා මෙදා තුර ජාතික චින්තනය, පෝෂණය කිරීමටත් ජාතික අනන්‍යතාවය ලබා දීමටත් සමත් වී තිබෙන බවද මෙහිදී කථානායකවරයා සඳහන් ‍කළේය

– කතානායක මාධ්‍ය අංශය

6,947 Viewers

6 Comments to “ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක”

  1. පොරමෝලා says:

    බටහිර බලවේගවල බලල් අතක් ලෙස කටයුතු කරන මේ ද්‍රෝහියා විසින් කරන ලද නීච පාවාදීම් සාධාරණීය කිරීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු

  2. Niru says:

    Finally it looks like the idiot got his share of the bank loot after 4 years of waiting. He can have a good funeral now.

  3. Barking an another mad dog

  4. Ray says:

    අද මම හඳහන් පත්‍රයකඩ තිබුනා ලගදීම තරැණකෙනෙක් දේශපාලනයට
    එනවා ඔහු ජනාධිපතිවරනය දක්වා ඉදිරියට යනවාකියලා. මට පෙනෙන්නේ චන්ද්‍රිකා පුතා මාකටින් කරනවා

  5. හිච්චිමහත්තෙයා says:

    ඒක නෙවෙ කියන්නෙ ඕයි!
    බැරිවෙලා හරි පාරිලාමේන්තුව විසුරුවාල චංදයක් කාරිය තිව්වනං මොන තරං අමිහිරි වෙයිද මෙයැයිලට!
    යංතං පරජාචංතර වාදෙ බේරුනනෙ ඕයි!

  6. Open mind says:

    කතානායක තුමාට ගරු කරමි. එහෙත් විදුලි සෝපාන ගෙන්වීමට තිබූ හදිසිය විධිමත්කොකේන් පරීක්ෂණ පවත්වා ගරු මන්ත්‍රී වරුන් ගේ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම ගැන කණගාටුයි

Main News