ආගමික කටයුතු නෑ.. එම්බාම් නෑ.. ඥාතීන්ට මුහුණ පමණක් පෙන්වයි.. පැය 24න් සීල් තබා වලදමයි..- කොරෝනාවලින් මිය යන අයට WHO නිර්දේශ මෙහෙමයි…

March 29, 2020 at 3:26 am | lanka C news
ආගමික කටයුතු නෑ.. එම්බාම් නෑ.. ඥාතීන්ට මුහුණ පමණක් පෙන්වයි.. පැය 24න් සීල් තබා වලදමයි..- කොරෝනාවලින් මිය යන අයට WHO නිර්දේශ මෙහෙමයි…

වසංගත රෝගයකදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කරන ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිර්දේශ කර ඇත.

ඒ අනුව මෙරටද අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ඒ පිලිබදව උපදෙස් නිකුත් කර තිබේ.

වසංගත ඔහුගේ යන පුද්ගලයන් ගේ දේහය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කළ යුත්තේ මරණ පරීක්‍ෂණ හෝ ආගමික කටයුතුවලින් තොරවයි.

පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතා සීමිත කාලයක් ලබාදෙන අතර එය රෝහල් පරිශ්‍රය තුළදී සිදු කළ යුතුය.

ඥාතීන්ට පෙන්වනු ලබන්නේ මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් වන අතර ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදෙයි.

දේහයන් බහාලීම සඳහා නිර්දේශ කර ඇති කවරයකට දමා පෙට්ටියකට දමා සීල් තබනු ලැබේ.

ඉන්පසුව නිර්දේශ කරන ලද ස්ථානයේ දේහය වළ දමනු ලබයි.

මේ පිලිබදව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද රූපවාහිනි නාලිකාවකදී අදහස් පල කලේය.

281 views

16 Comments to “ආගමික කටයුතු නෑ.. එම්බාම් නෑ.. ඥාතීන්ට මුහුණ පමණක් පෙන්වයි.. පැය 24න් සීල් තබා වලදමයි..- කොරෝනාවලින් මිය යන අයට WHO නිර්දේශ මෙහෙමයි…”

  1. john the baptice says:

    සමහරුන්ට දැන් ගැහැණු 72ක් ගන්න බැරිවෙනවා

  2. sena says:

    හම්බ ක්‍රමයට

Main News