පාකිස්තානය 3-0 කින් ශ්‍රි ලංකාව පරදා ජය ලබයි..

March 25, 2018 at 2:02 am | lanka C news
පාකිස්තානය 3-0 කින් ශ්‍රි ලංකාව පරදා ජය ලබයි..

ශ්‍රි ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකටි ක්‍රිඩාංගණයේදී (24 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යංතර තරගයෙන් ලකුණු 108 ක පහසු ජයක් ලැබූ පාකිස්තාන කණ්ඩායම දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් ලබාගත්තේය.

ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායම ඕවර 41.3 ක් අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නියෝ සමත් වූණා එනිසාම ලකුණු 108ක ජයක් සමග තරගා වලියම ජය ගැනිමේ හැකියාව පකිස්තානු කාන්තා ක්‍රිකටි කණ්ඩායමට හැකිවිය.

ලංකා කණ්ඩායම මේහේවන ලද්දේ චමරි අතපත්තු ක්‍රිඩිකාව වන අතර පකිස්ථානු කණ්ඩායම මේහේවන ලද්දේ බිස්මා මරූෆ් නායිකා විසිනි

– මහින්ද උදයසිරි රත්නායක

28 views
Main News