පාච රණවකගේ මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරයක් දැන් රුපියල් 102යි…

October 23, 2018 at 3:26 am | lanka C news
පාච රණවකගේ මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරයක් දැන් රුපියල් 102යි…

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලෝක වෙළඳපොලේ තෙල් මිල අනුව මෙරට සිල්ලර මිල නියම කිරීම සඳහා ආණ්ඩුව විසින් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේ 2018 ජූලි මාසයේ 10 සිටයි.  එදා ඉඳන් විවිධ පාර්ශව මිල සූත්‍රය ඉල්ලුවාම ආණ්ඩුව කිව්වේ මේක ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසා  තොරතුරු දැන ගැනීමේ පනතේ 5(1)(ඇ)(iv) වගන්තිය අනුව ඒක ආණ්ඩුව ලබා නොදී සිටිය හැකි තොරතුරක් කියලා.   හැමෝම ඒක පිලිගෙන නිහඬ වුණා.  ඒ අනුව 2018 සැප්තැම්බර් 11 දා අපිත් මිල සූත්‍රය ඉල්ලා ලිපියක් යැව්වා.  අපටත් අර උත්තරයම ලැබුණා.  හැබැයි අපි එතැනින් නැවතුණේ නෑ.  ඉහත වගන්තියෙන් ආවරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්ති විතරයි.  මිල සූත්‍රයක් මත ඉන්ධන මිල තීරණය කිරීම ආර්ථික ප්‍රතිපත්තියක්.  නමුත් මිල සූත්‍රය ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ.  ඒ නිසා අපට ඒක ලබා දෙන්න කියලා අපි මුදල් අමාත්‍යාංශයට 2018 සැප්තැම්බර් 26 දා අභියාචනාවක් කළා.  ඒ වගේම ඒක භාර දීලා එන ගමන් මේක නොදුන්නොත් ලංකා ඉතිහාසයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝණය කිරීම පිලිබඳ පළමු මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන බවට අපි ආණ්ඩුවට  අනතුරු ඇගවූවා.

පනත අනුව අභියාචනයේ තීන්දුව සති තුනකින් දෙන්න ඕනෑ.  සති තුන පිරුණේ ඔක්තෝබර් 17දාට.  ඒ අනුව ඔක්තෝබර්  18 දා මගේ අභියාචනාව පිලි ගත්තා. මිල සූත්‍රය මෙන්න කියලා මට ලිපියක් එවනවා. අර මංගල සමරවීර මහත්තයා උස්සල පෙන්නපු එසේ උස්සල පෙන්නද්දී කලිසිම කඩා වැටුණු මිල සූත්‍රය අපිට එවා තිබෙනවා. අපි කරපු සටනේ ජයග්‍රහණයක් ලෙස මිල සූත්‍රය රටට ලබා දීමට ආණ්ඩුවට සිදු වුණු බව ජනතාවගෙන් සැඟවීමට ආණ්ඩුවට ඕනෑ වුණා.  අන්න ඒ නිසා 18 දා මිල සූත්‍රය තැපෑලට දාන්න පෙර මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියන්න මුදල් ඇමතිට සිද්ධ වුණා.  එහෙම නම් ආණ්ඩුව මිල සූත්‍රය කැමැත්තෙන් හෙලි කළා නොවේ.  අපි නඩු දානවා කියලා කරපු තර්ජනය හමුවේ ආණ්ඩුවට තව දුරටත් නීති විරෝධිව මෙය සඟවා ගෙන ඉන්න බැරි වුණා.

ඒ මිල සූත්‍රය අනුව රු 155ට විකුණන පෙට්‍රල් ලීටරයක රු 54ක් තිබෙන්නේ බදු. මේ ඉලක්කම් හරිද වැරදිද කියන එක අපි දැන් අදාල විශේෂඥයන්ට ගණනයකරන්න බාර දීල තිබෙනවා. ඒ පිළිබදව අපි වෙනම මාධ්‍ය හමුවකින් ඔබව දැනුම්වත් කරන්නම්. දැනට අපි ඒ ඉළක්කම පිළිගමු. ඉන්ධන මත ඇති කෝටි 4,000කට අධික බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ  දස වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා.  මගේ හිතමිත්‍ර ගරු පා ච රණවක ඇමතිතුමාගේ ප්‍රධානම සටන් පාඨය වුණේ ඉන්ධන මත බදු ඉවත් කරන බවයි.  ඒ පොරොන්දුව ඉටු කලොත් පෙට්‍රල් ලීටරයක් රු 101ට දෙන්න පුළුවන්.  ඒ නිසා පොරොන්දු වුණු පරිදි ඉන්ධන මත බදු ඉවත් කරලා ජනතාවට සැබෑ මිලට පෙට්‍රල් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

8 views

4 Comments to “පාච රණවකගේ මිල සූත‍්‍රය අනුව පෙට‍්‍රල් ලීටරයක් දැන් රුපියල් 102යි…”

  1. Helaya123 says:

    DO not talk about Pacha Ranawaka…. He is good for nothing talker…. so far no development project is completed…He claims he cleared garbage problem of Colombo… Yes he should do it,,,that is his duty…

    He started building ” SEEMA MALAKAYA ” in Kimbulawala man made lake. ( Respect should go to Gota )
    Its utterly disaster… He eat concept of water , clean sky and trees… He just building ” Takaran Hut ”

    Its blocking water flow… Blocking nice view … Not suitable project to that area….He is claiming he is qualified engineer. May be by certificate.. has he worked any company or is he having any experience ?? Absolutely NO…

    He is selling Buddihsm ….He is very cunning maniac ever …..Next election should send him out…not suitrable for national politics….

  2. HODA PUTHA says:

    Oka maha ballek…… moone moosala kama pirila…..sex maniac….

  3. HODA says:

    I saw his big talks of Rajapakshes duty and tax during election time….Now stay like stray dog….Him and his deputy Paranawithana are really rouges… ..

    Wearing big glasses….that is all.

  4. Kaduwela boy says:

    This is not hela urumaya… Its hela karumaya….

Main News