පාච රණවක ගෙවල් සෑදීම ගැන කියන්නේ ටොං පච..

September 18, 2019 at 8:40 am | lanka C news
පාච රණවක ගෙවල් සෑදීම ගැන කියන්නේ ටොං පච..

පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය සිකුරාදා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාසලාභින්ට නිවාස ලබා දෙන උත්සවයක දී පා ච රණවක ඇමතිතුමා පචවැලක් ප්‍රකාශ කළා. තමන් ඉතිහාසයේ වැඩිම නිවාස ගණන හැදූ බවත් පසුගිය වසර හතර ඇතුලත අනවසර ඉදි කිරීම් වල හිටිය 15,000ක් තමන්ගේ අත් වලින්ම අනවසර ඉදි කිරීම් කඩා දාලා අළුත් නිවාස වල පදිංචියට ගිය බවත් ඒතුමා ප්‍රකාශ කලා. 2011 සිට 2019 දක්වා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදි කිරීම ඇරඹූ මුළු නිවාස ගණන 14,544යි. එයින් බ්ලූමැන්ඩල් පාරේ ගෙවල් 450ක් 2015 අප්‍රේල් මාසයේ හකීම් ඇමතිතුමා නාගරික සංර්වධන විෂය භාරව සිටින කාලයේ දී ආරම්භ කළා. පා ච රණවක ඇමතිතුමා පැල්පත්වාසින් වෙනුවෙන් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ කිසිම නිවාසයක් ඉදි කිරීම තබා ඉදි කිරීමට ආරම්භ කරලවත් නෑ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා.

එහෙම නම් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාස 14,094ක්ම ඉදි කිරීම ආරම්භ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ 2011 දී. 2014 අවසන් වන විට නිවාස 4,686ක් නිවාසලාභින්ට භාර දීලාත් ඉවරයි. ඒ වගේම අනෙකුත් නිවාස ව්‍යාපෘති සියල්ලම ටැම් අත්තිවාරම් නැතිනම් පයිලින් අවසන් කරලා තිබුණේ. සමහර ව්‍යාපෘති තට්ටු තුනක් හෝ හතරක් දක්වා ඉදි කරලාත් තිබුණේ. නමුත් රණවක ඇමතිතුමාට තවම ඒවා අවසන් කර ගන්න බැරි වෙලා. ඔන්න ඕක නිසා තමයි අපි එතුමාට වැඩ බැරි රණවක කියන්නේ.

2015 සිට 2019 මේ දක්වා නිවාසලාභින්ට භාර දී තිබෙන්නේ නිවාස 6,724යි. මේ සියල්ල ගෝඨාභය මැතිතුමා පටන් ගත්තු ඒවා. නිවාස 6,724 භාර දුන්නාම අනවසර පදිංචිකරුවන් 15,000ක් තමන් පදිංචි නිවාස දෑතින් කඩලා අළුත් නිවාස වලට ගියේ කොහොමද කියන එක පාච රණවක ඇමතිතුමා පැහැදිලි කරන්න ඕනෑ. ඒ වගේම 2024 වන විට කොළඹ නගරය පැල්පත් නැති නගරයක් බවට පත් කරනවා කියලා එතුමා පොරොන්දු වෙනවා. නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදිවෙමින් පවතින නිවාස තිබෙන්නේ 2,684ක් නම් එතුමා පැල්පත්වාසින් වෙනුවෙන් කිසිම නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නේ නැතුව කොළඹ පැල්පත් නැති නගරයක් බවට 2024 දී පත් කරන්නේ කොහොමද?

ගරු පාච රණවක ඇමතිතුමනි, 2015 සිට 2019 දක්වා පැල්පත්වාසින් ලබා දුන් බව ඔබතුමා කියන නිවාස 15,000 විස්තර රටට ලබා දෙන්න. ඒ වගේම තම ධූර කාලය තුල කිසිම නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ නොකර 2024 දී කොළඹ පැල්පත් නැති කරන වැඩපිලිවෙල රටට කියන්න. ඔබතුමා බොරුවක් කියලා අහු වුණාම සාමාන්‍යයෙන් කරන්නේ ඌරෙක් මඩ වලකට බැහැලා මඩ ගහ ගන්න කතා කළාට මම නම් යන්නේ නෑ කියන එකනෙ. ඒතුමා සමග වසර 15ක් කටයුතු කළ පුද්ගලයෙකු විදිහට මම දන්නැද්ද ඒතුමා දෙන උත්තරය. ඒක මෙතැනට අදාළ නෑ. මේ තිබෙන්නේ මඩ නොවේ ඔබේ පච ගැන සැබෑ තොරතුරු.

ඔන්න ඕකට තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්න වලට තමන්ගේ නම දානවා කියලා. හැබැයි එහෙම කළොත් ඩීඑන්ඒ පරික්ෂාවේ දී ඒක අසුවෙන බව කාටත් වඩා හොඳින් පා ච රණවක ඇමතිතුමා දන්නවා.

– අරවින්ද අතුකෝරල

22,947 Viewers

12 Comments to “පාච රණවක ගෙවල් සෑදීම ගැන කියන්නේ ටොං පච..”

  1. බන්ඩා says:

    පචයා වැඩ බැරි පල් හොරෙක්. අගේට පවත්වගන ගිය පාදුක්ක අක්කර 250 ක මිල්ලෑව රබර් වත්ත කර්මාන්ත පුරයක් කොරන්න කියල රජයට පවරගෙන අද වෙනකොට කසිකසිප්පු පෙරන කුඩ්ඩො ගැවසෙන අමු කැලෑවක් වෙලා.

    • මිල්ලෑව බාලසූරිය says:

      පචයගෙ ගෝලලයො හොරෙන් කිරි තපා ගෙන විකුනා මුදල් ගරනවා. ෆැක්ටරියෙ කෝටි ගනන් වටින මැෂින් දිරාපත් වෙනවා. වත්තෙ කම්කරැවන්ට රක්ෂා නැහැ.

      • විමුක්ති says:

        පච රණවක කාලයක් පොලිත්න් වලින් පෙට්‍රල් හදනවා කියලාත් නාඩගමක් නැටුවා. දැන් කෝ ඒ පෙට්‍රල්.

    • ලක්වැසියා says:

      මහරගම, නාවින්න ආර්පිකෝ එකගාව නවීන බස් නැවතුම් පොලක් ඇතුලු ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදනව කියල පම්පෝරි ගහල හැම මාධ්‍යකටම දාල කෝටි ගානක් කාල, අගමැතියයි පචයයි ඇවිල්ල මුල් ගලක් තිබ්බ. ඒ මුල්ගල දැන් අවුරුදු ගානක් තිස්සෙ එකතැන පැලවෙනව.

  2. එක්නැලිගොඩ says:

    ඕකට පචය කියන්නේ නිකං ද?

  3. සමන්කුමාර says:

    එදා රනිල්ට දොං ජුවන් කියූ පාච අද ගරු අගමැතිතුමනි කියනවා. මිනිහගේ අනික් කතාත් එහෙමතමයි.

  4. NUwan says:

    පචයට තනතුරක් ලැබෙනව නම් සම්බන්ධන්ට හරි සපෝට් කරයි.

  5. කමල් says:

    මේ ආලපාලු පච රණවක කලින් පොලිතීන් වලින් පෙට්‍රොල් හදනවා කියල ලොකු මගඩියක් කලා. නමුත් පෙට්‍රල් හැදුවේ නෑ. මේකගෙ ගෙවල් හැදිල්ලත් එහෙම තමයි.

    • අපි නොදන්නLive says:

      හීරළුවෝ දෙන්නෙක් අදනකඩ පටලව ගන්නවා

  6. 77 UNP says:

    මේ බොරුකාරයා ඇමති කාලේ BMICH එකේ ප්‍රදර්ශනයක් තියල ඉතා වටිනා ශාලාවක් සම්පුර්ණයෙන්ම අළු බවට පත් කලා. කොතරම් දක්ෂ ඇමතිවරයෙක්ද කියනවානම් ඒ ගින්නට අහුවෙලා රැඳවුම මතම පිළිස්සුන ගිනි නිවන උපකරණයක චායාරුපයක් මා ළඟ තියනවා.

  7. sirisena says:

    Gammampila is also real lair.

Main News