පාට වෙනස් කල ගෑස් මුද‍්‍රාවෙනුත් වංචාවක්..? රතු මුද‍්‍රාව යටින් නිල් මුද‍්‍රාව…

December 9, 2021 at 10:00 am | lanka C news
පාට වෙනස් කල ගෑස් මුද‍්‍රාවෙනුත් වංචාවක්..? රතු මුද‍්‍රාව යටින් නිල් මුද‍්‍රාව…

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් (09) දින උදැසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින්  සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පැවසිය.

ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගැස් සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින්  රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියොජිතයන් වෙත (09) දින එම සමාගම විසින් ගැස් සිලින්ඩර් තොග බෙදා හැරි අතර ,ඔහුන් සතු පැරණි ගැස් තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ගැස් අලෙවිය තවදුරටත් අඩුව පවතින බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

32,575 views

5 Comments to “පාට වෙනස් කල ගෑස් මුද‍්‍රාවෙනුත් වංචාවක්..? රතු මුද‍්‍රාව යටින් නිල් මුද‍්‍රාව…”

  1. 0.00069 BIYYO says:

    Immediately arrest all the director board including chairman, file a case for criminal activities against all involve and punish them at maximum level.
    All losses to MS Litro (Recall /replacement/compensation for affected )shall be recovered from the asserts/wealth from all this traitors without sleeping further !!!

  2. තණමල්විල අපි says:

    ඒ ගමන තව මගුලක්…
    දැන් වෙන ප්‍රශ්නයක් ගැන හිතන්න දෙන්නේම නැනේ..
    ගැස් සිලින්ඩ​ රෙන්ම නේ ඔලුවට ගහන්නේ..
    එක අතකට අපිට වෙන ප්‍රශ්නත් නැ නේ..
    ඔන්න ඔහේ ඕක ගැනම කතා කරමු. .

  3. Balana Rala says:

    I didn’t realize that our President is suffering from hearing and seeing difficulty.
    It seems he has no clue of what is happening in the country and is clueless.
    The first action he should have been taken to sack the entire board of directors and chairman and appoint a competent authority to look after the interest of both the citizens and Litro.
    Any learning executive would do that first.
    I don’t know why mehema wenne ai??????

  4. උශන්ත says:

    Gas විශ්වාස කරන්න එපා.නිකරුනේ මරෙන්න එපා gas වෙනුවට භූමිතෙල් හො විදිලිය හෝ දර පාවිච්චි කරමු gas එන්නට කලින් 80 දශකය දක්වා අපි පාවිච්චි කලේ භූමිතෙල් .එය ලාභදායකයි ආරක්ශිතයි.පුපුරන්නෙ නෙත

    • පුපුරණ ද්‍රව්‍ය says:

      භූමිතෙල් ලිප් පවා පුපුරපු බව දන්නෙම නැතිද?

Main News