‘පාඨලී චම්පික’ යනු බුදුන් වහන්සේලා තිදෙනෙකුට සෙවන දුන් බෝධීන් දෙකක්.. හෙල උරුමයෙන් බඩ කොරවෙන විග්‍රහයක්..
June 24, 2017 at 10:40 pm | lanka C news
‘පාඨලී චම්පික’ යනු බුදුන් වහන්සේලා තුන් නමක් බුද්ධත්වය ලැබීමට සෙවන දුන් බෝධීන් වහන්සේලාගේ නම් වල එකතුවක් බව ජාතික හෙල අරුමය පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ ජාතික සංවිධායක නිශාන්ත වර්ණහිංස මහතා මේ විග්‍රහය කලේ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ සිටි කාලයේදී එලි දක්වන ලද පත්රිකාවක්ද උපුටා දක්වමිනි.
‘පාඨලී චම්පික රණවක’ යන නම වෙනුවට ගම්නන්පිල මහතා නිරත භාවිතා කරන ‘පච රණවක’ නාමය සම්බන්ධයෙන් වර්ණසිංහ මහතා මෙම පැහැදිලි කිරීම සිදු කලේය.
හෙළ උරුම විග්‍රහය අර්ථයෙන් වත්මන් ජනපති ‘මෛත්‍රී’ට ඇත්තේ මතු බුදුවන බුදුන්ගේ නමයි. කඩුවෙල බුද්ධදාස හිටපු නගරාධිතිගේ නමෙන්ද කොටසක් ‘බුද්ධ’ය. ඩග්ලස් දේවානන්නදට ‘දේව’ කොටසකි. ධර්ම භාණ්ඩාගාරික ‘ආන්නද’ රහතන් වහන්සේගේ නමද හිමි බොහෝ අය වෙති.
ඒ කෙසේ වෙතත් ගම්මන්පිල මහතා ‘පාච රණවක’ යයි අමතන්නේ ‘දිසානායක මුදියන්සේලාගේ ජයරත්න’ හිටපු අගමැති දි.මු. ජයරත්න වූයේ යම් සේද ‘පාඨලී චම්පික රණවක’ ‘පාච රණවක’ යන අර්තයෙන් බව පවසා ඇත. (ඇතැමුන්ගේ උච්චාරණයේදී පාච රණවක ‘පච රණවක’ ලෙස ඇසේ)