පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනත් පාර්ශවයකට දීම ගැන තින්දු ගන්නවා..

January 1, 2022 at 4:40 pm | lanka C news
පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනත් පාර්ශවයකට දීම ගැන තින්දු ගන්නවා..

දිගින් දිගටම පාඩු ලබන ආයතන තවදුරටත් රජය යටතේ ම තබා ගන්නේද නැතහොත් වෙනත් පාර්ශවයකට පවරන්නේ ද යන්න පිළිබඳව මෙම වසරේදී දැඩි තීන්දු රැසක් ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලද බවත් රටේ සුබ සිද්ධිය පිණිස රජය ගන්නා තීරණ වර්ජන නිසා ආපස්සට නොගත යුතු බවට එහිදී එකගතාව පළ කළ බවත් ඔහු පැවසීය.

ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ට වැටුප් පවා ගැනීමට නොහැකිව මහා භාණ්ඩාගාරයෙන් මුදල් මත යැපෙන තත්වයකදී සේවකයන් වර්ජන කරමින් එම ආයතන තව තවත් පහළට ඇද දැමීමට කටයුතු කරන බවත් මේ ගැන මෙම වසරේදී බරපතල තීන්දු ගැනීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

16,470 views

17 Comments to “පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනත් පාර්ශවයකට දීම ගැන තින්දු ගන්නවා..”

  1. Jeewan says:

    අනිවාර්යෙන්ම කල යුතුයි.නැත්තම් ඒ බරත් ජනතාවටයි

  2. MAP Hemachandra says:

    මෙයා පොරුවට කහිනවා.

  3. GANGABADAYA says:

    තමන් උපයන වැටුපට හරිහැටි සේවය නොකරන වැඩ වර්ජනය කරමින් ආයතන කඩාකප්පල් කරන දුම්රිය වැනි මෙවන් රාජ්‍ය ආයතන ඉතා ඉක්මනින් පෞද්ගලිකකරණය කළ යුතුය.

  4. Dishum says:

    කලිං විකුණපුව DCSL, laksprey, ආණ්ඩුවෙ වතු