පාතාලයන් 05ක් ප්‍රබල ඇමැතිගේ බොඩිගාඞ්ලා වෙලා.. පොලිස් වෙඩි පහරින් එක් පාතාලයෙක් මරුට..
July 17, 2018 at 3:00 pm | lanka C news
පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන්යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින විශේෂ පොලිස් කණ්ඩායම සතුව ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මේ පස්දෙනා අතර පොලිසියේ රාජකාරි කරද්දී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයකුද සිටින බව පැවසේ.
ඇමතිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදීසිටින බව කියන ප්‍රබල පාතාල නායකයකුයැයි කියන පුද්ගලයකු මෑතකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලිසිය කියයි.
මේ අතර පාතාලයන් පස්දෙනකුගේ රැකවරණය ලබන බව කියන මෙම ඇමතිවරයා සිය බල ප්‍රදේශයේ පොලිසි මගින් හෙරොයින් හා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් මුදාගැනීමට දැඩි ලෙස බලපෑම් කරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
හෙරොයින් ග්‍රෑම් පහක් සහ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස මෙම ඇමතිවරයා මෑතකදී පොලිසියට දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇතැයිද කියයි.
– lankadeepa
den ithin ellum gaha gei hu hu hu
මැතිසබයට මෙය බරපතල ප්‍රස්නයක් මේ ඇමති වරුන් සිරබාරයට ගත යුතුය
Julampitiye amarelawa hurathal kala wagema karal neda. Ravi K da?
රවි කේ ඇමති කෙනෙක් නෙවෙයිනෙ. මේ වෙන කෙනෙක්, කවුද මේකා?
බයිල නැතුව නම කියපල්ලකෝ
මොංගල්