පාතාලයෙන් මුදල් ඉපැයූ දේශපාලඥයන් 32ක්..

February 12, 2019 at 11:20 am | lanka C news
පාතාලයෙන් මුදල් ඉපැයූ දේශපාලඥයන් 32ක්..

පාතාල කල්ලි සමගින් සම්බන්ධතා පවත්වමින් හා වෙනත් ක‍්‍රම මගින් අයුතු ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් හා රජයේ උසස් නිලධාරින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 400ක් ගැන විමර්ශණ පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව සදහන් කරයි.

මෙම පිරිස අතර දේශපාලඥයන් 32ක්ද සිටින්නේ යයි කොමිසම කියා සිටී.

රාජ්‍ය නිලධාරීන්ට දේපල රැුස්කල හැකි වුවත් ඒවා රැුස්කල ආකාරය හෙලිදරවු කිරීමට නීතියෙන් බැදී සිටින බවත් එම තොරතුරු වාර්ෂික වත්කම් වාර්තාව මගින් ආයතන ප‍්‍රධානීන්ට ලබා දිය යුතු බවත් කොමිසම පෙන්වා දෙයි.

21,260 Viewers

3 Comments to “පාතාලයෙන් මුදල් ඉපැයූ දේශපාලඥයන් 32ක්..”

  1. ගිරවා says:

    මේ රටේ මිනිස්සු පාතාලයන් වන්නේ රටේ දේශපාලනයේ සමාජයේ වරදින් ..මිනිසුන්ට රැකියාවල් නැහැ , මුදල් නැහැ එවිට පාතාලයන් වීම පුදුමයක්ද ? මොවුන් පාතාලයන් කරන්නේ රටේ දේශපාලකයන් මයි …නමුත් රටේ බදුමුදල් කොල්ලාකන දේශපාලකයින් සහ ඔවුන්ගේ හෙන්චයියලා මෙවැනි දේවල් කරන්නේ කුමක් සදහාද ?? තමන්ගේ මඩිය තරකරගෙන දුප්පත් මිනිස්සු බිල්ලට දීමට නොවේද ?
    මේ සියලු දෙනාට ම ප්‍රසිද්ධියේ මඩු වලිගෙන් තැලිය යුතුයි ඊට පසු නිතිය ක්‍රියාකර සිරගෙට යැවිය යුතුයි .
    ජනපති මොවුන්ටත් මරණ දඩුවම දෙයිද ????

  2. saman says:

    යකෝ.. උඹනේ නීති හදන්න රකින්න පඩි ගන්නේ.. පත්තර වලට තපුල්ලන්න කලින් පොලිසියට ගිහිල්ලා පැමිනිලක් දාපිය​…..

    • maraya says:

      saman ,කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු දෙන මේ යුගයේ මොන පැමිණිලි ද ?හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ

Leave a Comment

Main News